ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර ඛනිජ සම්පත් සමුළුවට පරිසර ඇමති එක්වෙයි- මැදපෙරදිග රටවලින් ධනාත්මක ප්‍රතිචාරයක්

    ජනවාරි 12, 2023

    ජනවාරි 10 සිට 12 දින දක්වා සෞදි අරාබියේ රියාද් අගනගරයේ පැවැත්වන "2023 ජාත්‍යන්තර ඛනිජ සම්පත් සමුළුවට" ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සහභාගි වී ඇත.

    රටවල් 60 ක් නියෝජනය කරමින් ඛනිජ සම්පත් පිළිබඳ අමාත්‍යවරු සහභාගි වූ මෙම ජාත්‍යන්තර සමුළුව සවුදි අරාබි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ගේ උපදේශකත්වයෙන් පැවැත්විණ.

    එම සමුළුවේ දෙවන දිනයේදී සමුළුව ඇමතූ නසීර් අහමඩ් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, "ඛනිජ සම්පත් පිළිබඳව ආයෝජන අවස්ථාවන් ශ්‍රී ලංකාව පුළුල් කර ඇති බැවින් එහි ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සවුදි අරාබිය ඇතුළු සමුළුවට සහභාගිවන රටවලට ආරාධනය කරන බවය."

    මෙම සමුළුවට විශේෂයෙන්ම සවුදි අරාබියාවේ ඛනිජ සම්පත් හා තෙල් සම්බන්ධ අමාත්‍යවරුන්, ආයෝජන අමාත්‍යවරුන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් සහභාගි විය.

    සමුළුව අවසනදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාවට ලැබුණු ඉතා හොඳ අවස්ථාවක් බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ආයෝජනයට ආයෝජකයන් දිරිගැන්වීමට සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් රාශියක් ධනාත්මකව පොරොන්දු වූ බවයි.

    මෙම සමුළුව අතරතුර සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය අබ්දුල් අසීස් බින් සල්මාන් අල් සව්ද් කුමරු සමග පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්විය.

    එම අවස්ථාවට සෞදි අරාබියේ ආයෝජන අමාත්‍ය කාලිඩ් අල් ෆලීහ්, සෞදි අරාබියේ කර්මාන්ත හා ඛනිජ සම්පත් අමාත්‍ය බංදාර් බින් ඉබ්රාහීම් අල් හුරෙයිෆ් සහ ඊජිප්තු රජයේ ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් අමාත්‍ය තාරික් අල් මොල්ලා යන අය සහභාගී විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya