ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    පොහොර අලෙවියෙන් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව උපයයි

    ජනවාරි 13, 2023

    පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීමෙන් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව උපයා තිබේ.

    එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා (10) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති 2023 වසර සදහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කරන කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමිනි.

    රජය පසුගිය අතුරු අයවැය ලේඛනයෙන් යම් යම් මුල්‍ය ප්‍රතිපාදනයන් අමාත්‍යාංශවල කටයුතු වෙනුවෙන් වෙන් කළදපවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත මුදල් ප්‍රමාණය ලබා දීමට නොහැකිවී තිබේ.

    එමෙන්ම 2023 වසර සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් බිලියන 115ක මුදලක් වෙන් කර ඇතත් ආර්ථික අර්බුදය නිසා අමාත්‍යාංශ වෙත ලබා දීමට නියමිත මුදල්වලින් සියයට 05ක් කපා හැරීමට තීරණය කර තිබීම නිසා ඇතැම් ව්‍යාපෘති සඳහා වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන අඩු විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙලීම ලබන සතිය අවසන් වනවිට ඇතැම් ප්‍රදේශවල ආරම්භ වන බැවින් වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10කවත් මුදලක් අවශ්‍ය වනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

    අදාළ මුදල් ලබා දෙන ලෙස ඉල්ලා තමන් අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව බොහෝ දුරට ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් සඳහන් කළේය.

    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya