ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ඔන් ලයින් ක්‍රමයට රියදුරු බලපත් ඡායාරූප ලබාගැනීම - ඡායාරූප ශාලාවලට අවස්ථාව ලබාදීමට උපදෙස්

    ජනවාරි 13, 2023

    මේ වන විට ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට (online) ඡායාරූප ලබාදීම දිවයින පුරා පවතින ඡායාරූප ශාලා මගින් සිදු කරනු ලබයි.

    මෙම ක්‍රමවේදය රියදුරු බලපත්‍ර සඳහා යොදා ගන්නා ඡායාරූප සහ වාහන ලියාපදිංචිය සහ පැවරීම සඳහා යොදාගනු ලබන ඡායාරූප ද එම

    ක්‍රමවේදය යටතේ ම සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදි.

    සමස්ථ ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ සමාජික ඡායාරූප ශාලා 7000 කින් පමණ, උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉහල ප්‍රමිතියකින් යුතුව වඩාත් කාර්යක්ෂමව මෙම ඡායාරූප සේවාවන් ලබා දීමට පහසුකම් පවතින බවද එම සංගමයේ නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරන ලදි.

    ඊට අවශ්‍ය අයිකාවෝ මෘදුකාංග පද්ධතිය ස්ථාපිත කිරීමට වැයවන පිරිවැය සමස්ථ ලංකා වෘත්තිය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මඟින් දැරීමට එකඟතාවය පළ කර ඇත. එසේම එහි නඩත්තුව සඳහා වාර්ෂිකව බලපත්‍ර ගාස්තු ගෙවීමට ද ඔවුන්ගේ කැමැත්ත පළ කර තිබේ.

    සමස්ත ලංකා වෘත්තය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයන්ට එළඹ තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya