ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික අර්බුදය,විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේද සොයා බැලීමට හොඳම සහ සුදුසුම වේදිකාව නිර්මාණය කළා

    ජනවාරි 13, 2023

    දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    සුරාබදු දෙපාර්තමේන්තුවේ 110 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා ඊයේ (12) මේ බව පැවැසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි පසුබිමක් නැවත රට තුළ නිර්මාණය නොවනු ඇතැ බවයි.

    එහිදී අදහස් දක්වමින් ඉල්ලුමක් සහිත දේශීය මධ්‍යසාර සඳහා නීත්‍යානුකූලව අවසර දීම විදේශ විනිමය ගැටලුවට විසඳමක් වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දීම සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතනවල වගකීම බව ද හෙතෙම අවධාරණය කළේ ය.

    “අපට තියෙන ලොකුම ගැටලුව විනිමය හිගයයි. මේ කට විසඳුමක් විදියට දේශීය මධ්‍යසාර අපනයනය ගැන අපි අවධානය යොමු කරමු කියල යෝජනා කළා. දැනට දේශීය මධ්‍යසාර ලෝකයේ රටවල් 35කට විතර අපනයනය කරනවා. 2021 වසරේ දී දේශීය මධ්‍යසාර අපනයනය කරල ලැබුණ ආදායම ඩොලර් මිලියන 20ක්. 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගියා. විශේෂයෙන් ම කිතුල් රා සහ තල් රා සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා.

    මේ රටේ ප්‍රසිද්ධ සමාගමක් මෑතකදි ඇහුව රා සැණකෙළියක් පවත්වන්න. ඇත්තටම මම ඒ සඳහා සාකච්ඡාවකට දිනයකුත් වෙන් කළා. මේක විදේශිකයන් සඳහා පොල්, තල් සහ කිතුල් රා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කරන වැඩක් ''මාත්‍යවරයා පැවසීය.

    මෙම උත්සවය රාජගිරිය, සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත් විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya