ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ''සීතාවකට ඔඩිසි නව දුම්රියක්'' - ප්‍රවාහන අමාත්‍ය

    ජනවාරි 13, 2023

    සීතාවක අවිස්සාවේල්ල නවතම සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමේ අරමුණින් සීතාවකට ඔඩිසි නව දුම්රියක් ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන අතර සෑම ඉරිදා දිනකම පෙරවරු 7.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන මෙම දුම්රියේ ගමන් කිරීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙම මස 29 දා සිට අවස්ථාව හිමිවනු ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඒ අනුව, “සීතාවක ඔඩිසි නව දුම්රිය” ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව 2023.01.15 දින බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන අතර “ප්‍රවාහනඅමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

    සමාරම්භක දිනයේ (15 දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.30 ට පැවැත්වෙන ආගමික වතාවත් වලින් අනතුරුව කැළණිවැලි මාර්ගය ඔස්සේ මෙම දුම්රිය ධාවනය කෙරෙන අතර මෙම නව දුම්රියෙන් “වග” දුම්රිය ස්ථානය දක්වා ගමන් කොට පසුව සපයනු ලබන වාහන මඟින් පැමිණෙන්නන් ලබුගම කලටුවාව ජලාශ හා අනෙකුත් සුන්දර ස්ථාන වෙත නැරඹීම සඳහා රැගෙන යනු ඇත.

    එදින සවස සීතාවක තෙත් බිම් උද්‍යානයේ පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයකින් මෙම සමාරම්භක උළෙලේ කටයුතු නිම කිරීමට සැළසුම් කර ඇත.

    එමෙන්ම, එදින කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට නැවතත් කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වීම තෙක් සියලු පහසුකම් සැපයීම බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මඟින් සිදු කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya