ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    2030 වසර වන විට උපායමාර්ගික සහ තාක්‍ෂණිකව සුදුසුකම්ලත් සමතුලිත හමුදාවක්

    ජනවාරි 13, 2023

    ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය යනු කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතින බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

     

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

    ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ශක්තිය සහ තිරසාර ආර්ථික සංවර්ධනය යනු කාසියක පැති දෙකක් මෙන් එකිනෙක හා බැඳී පවතී. සන්නද්ධ හමුදාවන්ගේ වියදම් රජය විසින් දරන අතර ඵය ජාතික සහ මානව ආරක්‍ෂාව සහතික කරමින් ආර්ථික වර්ධනය සඳහා මාර්ග විවෘත කරයි.

    වත්මන් තත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වන විට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති අතර 2030 වන විට ඵම සංඛ්‍යාව 100,000 දක්වා ප්‍රමාණයක පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බවයි.


    ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ උපායමාර්ගික සැලැස්මෙහි සමස්ත අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට සමගාමීව ඕනෑම ආරක්‍ෂක අභියෝගයකට මුහුණ දීම සඳහා 2030 වසර වන විට උපායමාර්ගික සහ තාක්‍ෂණිකව සුදුසුකම් ලත් සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීමය.

    araksaka

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya