එමෙන්ම, මෙම වංචනික ලෙස පුද්ගලයින් රට රැකියාවලට ගොස් අතරමං කරන පුද්ගලයින්ට එරෙහිවත් නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන හෙතෙම මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශය දැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් සඳහන් කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය වන්නේ ලංකාවෙන් පිටතට රැකියාවක් සඳහා ලියාපදිංචි වී යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, රැකවරණය, ඔවුන්ගේ හා ඔවුන්ගේ පවුල් වල ශුභසාධනය මෙන්ම නැවත ලංකාවට පැමිණි පසු ඒ අයගේ ශුභසාධනය හා රැකවරණය ලබා දීම වේ.
එහි කාර්යභාරය නිසියාකාරව අවබෝධ කර නොගෙන විදේශ ගත වන පිරිස් තමන්ගේ නොදැනුවත්කම නිසා හොද දැනුවත්ව නිසි ක්‍රමවේදයට පටහැනිව ගුවන්තොටුපොළ හරහා මෙන්ම බෝට්ටු මඟින් වෙනත්රටවල් වලට ගොස් වංචනික ලෙස එම රටින් පැනීමට උත්සහ ගැනීම් පිළිබඳව මිනිසුන් ගොදුරු වූ පුවත් පසුගිය සමයේ දී නිරන්තරයෙන් වාර්තා වූ බවත් හෙතෙම මෙහි දී පැවසීය.
කෙසේවුවද, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය වන්නේ එහි ලියාපදිංචි ව ගොස් නිත්‍යානුකුල ව රැකියාවලට පිටත්ව ගොස් සිටින පුද්ගලයින්ව රැකබලාගැනීම මිස වංචනික ලෙස රට ගොස් සිටින පුද්ගලයින් බල ගැනීම නොවන බවත්, එහෙත් ඔවුන් ශ්‍රී ලාංකිකයින් නිසා එලෙස වංචනික ලෙස ගොස් අතරමං වූ පුද්ගලයින් බලාගන්න එක රටක් විදියට කාර්යභාරයක් වන බැවින් ඒ අයවලුන් සඳහා සුරක්ෂා නිවාස ඇති කිරීම මෙන්ම, වැරදි ක්‍රම වලින් ගොස් අතරමං වූ අය උදෙසා සානුකම්පිත පදනමින් බලා ඒ අයව නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම, පසුගිය දිනවල ඇති වූ සිද්ධීන් සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ අයව නැවත ලංකාවට ගෙන ඒමට විශේෂ කැබිනට් අනුමැතියක් ගෙන තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශය යටතේ වංචනික මිනිස් වෙළදාමට එරෙහිව විශේෂ ඒකකයක් ද පිහිටුවා ඇති බවත්, මෙරටින් වංචනික හෝ අයතා ලෙස පිටවීම වැළක්වීම මෙන්ම ඒ අයට සිදු වන වංචාවන්, මෙන්ම ඒ අයව ආරක්ෂා කර ගැනීමේ වගකීම ද ආරක්ෂක අමාත්‍යංශය සතුව තිබෙන බවත් හෙතෙම සඳහන් කරන ලදී.
එමෙන්ම, මැදපෙරදිග රට රැකියා යන අයගේ පහසුව හා ශුභසාධනය සඳහා මැදපෙරදිග කලාපයේ තානාපති කාර්යාල හා සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශයක් ද පිහිටුවා ඇත.
තවද, එලෙස වංචනික ලෙස රට රැකියාවලට ගොස් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හානි නොවන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසත්, එලෙස වංචනික පුද්ගලයින්ට අසු නොවී නිත්‍යානුකුලව රට රැකියා වලට යන ලෙසත් කම්කරු අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කරන ලදී.