ඒ සඳහා මාර්ගගත ක්රමය ඔස්සේ ඊයේ (12) දිනයේ සිට අයදුම් කිරීමට අවස්ථාව සළසා ඇති අතර, එය (15) දා අවසන් වන බව , විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
කෙසේ වෙතත් මීට පෙර අවස්ථා දෙකකදී මේ සඳහා අයදුම් පත් කැඳවා තිබුණද ඇගයීම් පරීක්ෂකවරුන් තම අයදුම් පත් යොමු කිරීම ප්රතික්ෂේප කර තිබුණේ ඔවුන්ට ලැබිය යුතු පිළිතුරු පත්ර ඇගයීමේ ගාස්තු නිසි පරිදි ලබා නොදීමට විරෝධය පළ කරමිනි.