දෙරට අතර සුහදත්වය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු වු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇතුලු සියලු කටයුතු වෙනුවෙන් අවශ්‍යසහාය ලබා ගැනීම පිළිබදව අවධානය යොමු විය.
මෙරට පැවති යුදමය තත්වයෙන් පසුව රජය ජාතීන් අතර සංහිදියාව වැඩි දියුණු කිරීම සදහා සිදු කළ කාර්යයන් පිළිබදව අධිකරණ අමාත්‍යවරයා මහකොමසාරිස්වරිය දැනුවත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැංවීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල සදහා තම රටෙහි සහාය ලබා දෙන බවත්, දෙරට අතර දේශපාලනික හාසංස්කෘතික වශයෙන් පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත් මහ කොමසාරිස්වරිය එහිදී පැවසුවාය.