විවිධ පුද්ගලයින් වනාන්තරයට හා වනජීවින්ට සිදු කරන හානි සඳහා නඩු පැවරීම මගින් මෙම මුදල අය කර ගෙන ඇත.
එමෙන්ම 2022 වසරේ නොවැම්බර් මාසය වනවිට වනජීවි දෙපාර්තමේන්තුව උපයා ඇති සමස්ත ආදායම රුපියල් මිලියන 1421කි. මින් වැඩි මුදලක් උපයාතිබෙන්නේ බලපත්‍ර ගාස්තු අය කිරීම මගිනි.
මෙම කරුණු අනාවරණය කරන ලද්දේ කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි දෙපාර්තමේන්තුව සමග සිදුකළ සාකච්ඡාවක දීය.
මෙම වසර තුළ යාල ජාතික වනෝද්‍යානය මෙන්ම විල්පත්තුව හා වස්ගමුව ජාතික වනෝද්‍යාන සඳහා විදේශ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ වැඩසටහන්ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
විශේෂයෙන් මේ දිනවල විදේශීය සංචාරකයින් බහුල වශයෙන් නැවතත් මෙරටට පැමිණෙන බැවින් ජාතික වනෝද්‍යානවලට ඔවුන් පැමිණෙන අවස්ථාවල දීප්‍රමාදයකින් තොරව ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා අතිරේක ප්‍රවේශපත් කවුළු විවෘත කිරීමට පියවර ගන්නා ලෙසත් එමගින් සිදුවන ප්‍රමාදයන් වළක්වාගැනීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා සඳහන් කළේය.