උතුරුමැද පළාත් රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා ලංකාවේ පළමු වතාවට වැඩිහිටි ආරක්ෂණ හෙද සත්කාර හා පංචකර්ම සේවා සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ level) දක්වා රජයේ හා පුද්ගලික රැකියා විරහිත පිරිස් විධිමත් පුහුණුවකින් පසුව විදෙස් රටවල ඉල්ලීමට අනුව කාණ්ඩ වශයෙන් යොමු කිරීම හැකියාව මෙමගින් සිදුවේ.
මෙම පුහුණුව මගින් still present සහතිකයක් හිමිවන අතර මෙමගින් ඕනෑම රැකියාවියුක්තිකයකුට විදෙස් රැකියා සඳහා පහසුවෙන් යොමු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා , විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාමාන්‍ය අධිකාරී සෙනරත් යාපා මහතා ,ජේෂ්ඨ කළමනාකරු එච් එම් සුනිල් මහතා , නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් සභාවේ සහකාර ලේකම්, වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පළාත් සභාවේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.