ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දෙන ලද ඩීසල් තොගය බෙදාහැරීම ඇරඹෙයි

    ජනවාරි 16, 2023

    චීන රජය විසින් මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දෙන ලද ඩීසල් තොගය බෙදාහැරීම ඇරඹෙයි.

    චීන රජය කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන්ට සහන සැලසීම සඳහා ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ආරම්භ කළ බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ. එල්. අබේරත්න මහතා පවසයි.

    ඒ අනුව මේ වනවිට අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ ව තිබෙන කිළිනොච්චි දිස්ත්‍රික්කය සඳහා පළමුව ඉන්ධන බෙදාහැරීමට පියවර ගෙන තිබේ.

    මහ කන්නය මැද දී මෙම ඉන්ධන තොග චීන රජය ලබා දුන්නද, ඒ වනවිටත් ගොවිතැන් කටයුතු ඇතැම් දිස්ත්‍රික්කවල අවසන් ව තිබු බැවින් අස්වැන්න නෙළන අවස්ථාවේ දී මෙම ඉන්ධන තොග ගොවි ජනතාව වෙත නොමිලයේ ම ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

    මෙම ඉන්ධන තොගය අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා ( හෙක්ටෙයාර් 01) වගා කරන වී ගොවීන් සදහා හෙක්ටෙයාර් එකකට ලීටර් 15ක් බැගින් නොමිලයේ ලබා දීමට පියවර ගෙන තිබේ.

    අස්වනු නෙළන ආකාරයට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ගොවීන් වෙත මෙම ඉන්ධන සැපයීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කරනු ලබයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම ඉන්ධනලාභීන් වෙත නිකුත් කරනු ලබන වවුචරයක් මගින් ඔවුන්ට අදාළ ඉන්ධන ප්‍රමාණය පිරවුම්හල්වලින් ලබා ගැනීමට පහසුකම් සළසා තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya