ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් සම්පූර්ණයෙන් තුරන්වී නැහැ- සෞඛ්‍ය පුරුදු නොකඩවා අනුගමනය කරන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජනවාරි 16, 2023

    තවමත් කොවිඩ් රෝගය සම්පූර්ණයෙන් තුරන් වී නොමැති බැවින් නීතියෙන් අනිවාර්ය කර නොතිබුණද හැකි සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම, දෑත් පිරිසිදුව තබාගැනීම ආදී සෞඛ්‍ය පුරුදු නොකඩවා අනුගමනය කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ, අද (16) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    මේ වන විට කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව මිලියන 16ක්ද දෙවන මාත්‍රාව මිලියන 14ක්ද ලබාගත් බවද තුන්වන මාත්‍රාව මිලියන 14ක් පමණ ගෙන්වූවද එයින් මිලියන 07ක් පමණක් තුන්වන මාත්‍රාව ලබාගත් බවද සඳහන් කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හතර වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ ලක්ෂ 02ක් පමණක් බවද වැඩිදුරටත් කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya