ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සිදු කෙරේ

    ජනවාරි 16, 2023

    ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ පවතින ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ පද්ධතියෙහි ‘(NEMIS-THRM)’ අන්තර්ගත ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් ඉදිරියේ දී මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

    ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය කඩිනම් ව හා විධිමත් ව සිදු කිරීම සඳහා එම තොරතුරු දෛනික ව යාවත්කාලීන කළ යුතු ව පවතී.

    එබැවින් රජයේ පාසල්වල සියලු ගුරුභවතුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී https://nemis.moe.gov.lk තොරතුරු ජාලය ඔස්සේ ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියට පිවිස සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කරගත යුතු ය. සංශෝධනයන් වෙතොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

    .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya