පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ගොයම් කහවීමේ රෝගය සම්බන්ධ සාම්පල ලබා ගැනීම මේ සතියේ අවසන්

    ජනවාරි 17, 2023

    සියලු ප්‍රදේශවලින් වාර්තාවන ගොයම් කහවීමේ රෝග තත්ත්වය සම්බන්ධව සාම්පල ලබා ගැනීම මේ සතියේ අවසන් කෙරේ.

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැ වීමේ රෝග තත්ත්වය සම්බන්ධව සියලු ක්ෂේත්‍ර පර්යේෂණ පැවැත්වීම හා සාම්පල රසායනාගාර වෙත ගෙන ගොස් පරීක්ෂා කිරීම මෙම සතිය තුළ අවසන් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පවසයි.

    දැනට හඳුනාගෙන ඇති පරිදි ගොයම් කහපැහැතිවීම පිළිබඳව ක්ෂේත්‍ර නිලධාරින් සිදු කරන ලද සොයා බැලීම්වල දී ඊට බලපා ඇති ප්‍රධානම හේතුව පෝෂණ ඌනතාවය බව තහවුරු වී තිබේ.

    ඊට ඇති එකම පිළියම වහාම බන්ඩි පොහොර ( MOP) යෙදීම බවත්, ඇතැම් ගොවීන් බන්ඩි පොහොර නොයෙදීම නිසා ගොයම් ගසෙහි වර්ධනය අඩාලවීමෙන් ගොයම් කහ පැහැ ගැන්වී ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    මීට අමතරව බහුලව නැතත් ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වී ඇති වටපණු රෝගය, දුඹුරු පැළ කීඩෑ උවදුර හා වෙනත් රෝග සම්බන්ධවත් විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම ආචාර්ය මහාචාර්යවරු මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් හා පර්යේෂකයින් සමග ඒකාබද්ධව රෝග නිවාරණ කටයුතු සඳහා පියවර ගනිමින් සිටී. ලබන 23වැනි දින මෙම සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

    ගොවි ජනතාවට මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව අවශ්‍ය උපදෙස් ලබා දීම ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් මගින් මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

    පෝෂණ ඌනතාවය නිසා සිදුවන ගොයම් කහපැහැ ගැන්වීමේ තත්ත්වය MOP පොහොර නොයෙදීම නිසා සිදුව ඇති බලපෑමක් වන අතර ම අනෙකුත් රෝග තත්ත්වයන් හි විශාල වශයෙන් ව්‍යාප්ත වීමක් දක්නට නොලැබෙන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    ගොයම් කහ පැහැ වීම වට පණු රෝග තත්ත්වය නිසාම ඇතිවන්නක් යැයි ගොවීන් වරදවා වටහාගෙන තිබේ. නමුත් ඊට ප්‍රධාන හේතුව වටපණු රෝගය නොවේ. එමනිසා තම කුඹුරුවල ගොයම් වගාවේ යම් වෙනස්කමක් නිරීක්ෂණය කළ හොත් වහාම ප්‍රදේශයේ කෘෂි ව්‍යාප්ති නිලධාරි මහතා හමුවී උපදෙස් ගන්නා ලෙස ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවින්ගෙන් ඉල්ලීමක් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya