සුභ සාධන ඇතුළු වෙනත් සහණාධාර ලබා ගැනීමේදී නොසුදුසු පුද්ගලයින් විශාල ප්‍රමාණයක් එම සහණාධාර ලබා ගන්නා බවත් , සහණාධාර ලැබිය යුතු නිවැරදි කණ්ඩායම් හඳුනාගැනීමේ කටයුතු මේ වන විට රජය සිදු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථීක, කෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(17)පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුභ සාධනය ලබා ගත යුතු පුද්ගලයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහනට පවුල් සහ තනි පුද්ගලයින් වශයෙන් අයදුම්පත් මිලියන 3.7ක් ලැබී ඇතැයිද හෙතෙම පැවසීය. ප්‍රතිලාභින් තෝරා ගැනීමේ දී මෙම සියළු තොරතුරු දත්ත පද්ධතියට ඇතුල් කළ යුතු බවත් එහිදී යම් යම් අඩුපාඩු විය හැක බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පළමු සංගණනයේදී එවැනි අඩු පාඩු සිදු වුවහෛාත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමට රජය සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මුදල් ලබා ගැනීමේ පූර්ව කොන්දේසියක් වන මෙම සුබසාධන කටයුතු දැනටමත් ප්‍රමාද බවද හෙතෙම පෙන්වා දුන්නේය.
අපි දැනටමත් ප්‍රමාදයි. අපි බලාපොරාත්තු වුණේ දෙසැම්බර් 31 වෙද්දී ප්‍රතිලාභ ලබා ගන්නන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරන්න බලාපොරාත්තු වුණා. නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කර ජනවාරි මාසය වන විට අභියාචනා යොමු කිරීමට අවස්ථාව ලබා දෙන්න අපි බලාපොරොත්තු වුණා. බලාසමෘද්ධි නිලධාරින්, සංවර්ධන නිලධරින් සහ ග්‍රාම නිලධාරින් සම්බන්ධ සියළුම වෘත්තීය සමිති සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපි දිසාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා පෙබරවාරි මාසය වන විට සත්‍ය තොරතුරු ලබා දීමට කටයුතු කරන්න කියලා.
නිවැරදි ප්‍රතිලාභින් හඳුනා ගැනීම සඳහා අදාළ චක්‍රෙල්කයේ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කරන බවද කීය.