පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහාම දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරින් 26,000ක් ගුරු සේවයට- අධ්‍යාපන අමාත්‍ය

    ජනවාරි 17, 2023

    මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහාම දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරින් 26,000ක් ගුරු සේවයට බඳවා ගැනීමේ නිවේදනය නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (17)පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ගුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමෙන් ගුරු සේවයේ සියළු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ වනවිට ඒ ඒ කළාප කාර්යාල වලින් විෂය අනුව ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බවත් , ඉදිරියේදී පැවැත් වීමට නියමිත තරග විභාගයෙන් තෝරා ගත් උපාධිධාරින්ගෙන් මෙම පුරප්පාඩු පුරවනු ලැබේ.
    මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

    දැනට ඉතිරිව ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට බවත් අද හෝ හෙට ඒ සඳහා අනුමැතිය ලැබෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව 3වන වාරය අවසන් වන එළඹෙන මාර්තු 27 වන විට සියළු ගුරුපුරප්පාඩු සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya