කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ, අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඒ අනුව විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනයන්හි ගෙවීමටත්, විධායක නිලධාරීන්ගේ මාසික වැටුප නියමිත දිනට දින කිහිපයක් පසුව ගෙවීමටත්, එහිදී තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.
මහාභාණ්ඩාගාරය විසින් ගනු ලබන පියවරයන් පිළිබඳව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකර ඇති බව අමත්‍යවරයා පැවසීය.
කෙසේ හෝ අනිවාර්යයෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා, පොහොර, බෙහෙත් යනාදිය සඳහා මුදල් ලබාදෙන බවද ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.