පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් රටට විවෘතව ප්‍රකාශ කළා- අග්‍රාමාත්‍ය

    ජනවාරි 17, 2023

    රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් රටට විවෘතව ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මෙය රටක් අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීමට ගමන් කරන අවස්ථාවක් බවත්,පවතින මූල්‍ය අර්බුදය විසඳාගනිමින් රජය ඉදිරියට ගමන් කරමින් සිටින බවද අගමැතිවරයා සඳහන් කළේය.

    රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත දිනට ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එමෙන්ම විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල එකඟතාවය හිමිව ඇත.

    රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ, අඩු ආදායම් ලබා ගන්නන් වෙනුවෙන් ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් එය ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කරන බවයි.

    ඊයේ කැබිනට් මණ්ඩලයේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා මේ වසරේ ජනවාරියේ සිට රජයෙන් ලබාදීමට නියමිත මුදල් සහනය තවත් මාස පහක් ඉදිරියට ලබාදීමට තීරණය කළබවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    රාජ්‍ය සේවයේ අලුතින් බඳවා ගත් පිරිසගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පිරිසට යම් කිසි විශ්‍රාම වැටුපක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥාව දී ඇති බවත් එය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවයි.

    මීට වසර දෙකකට පෙර සාමාන්‍ය පෙළසුදුසුකම් නොමැති පිරිස් 3 5,000ක් බහුකාර්ය සංවර්ධන බලකාය ලෙස බඳවා ගෙන ඇති බවත්, මෙම පිරිස සේවයේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා ආරම්භ කර ඇතැයිද කීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya