පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීමේ සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා

    ජනවාරි 17, 2023

    ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්වය වර්ධනය කර ගැනීම සඳහා ඇති කර ගත් ප්‍රතිසංස්කරණ අනුව මේ වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

     

    ආර්ථික ස්ථාවරත්වය මත සහ ද්විපාර්ශවික සහ බහුපාර්ශික වශයෙන් ලැබෙන සහයෝගය මත විදේශ විනිමය හිඟතාවය මඟ හැරීමට සහ ආයෝජයකන්ට නැවත රට පිළිබඳ විශ්වාසයක් ඇති කිරීමටත් ,ආර්ථිකයේ ඉදිරිගමනක් ඇති කර ගැනීමට හැකි වනු ඇතැයිද කීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් . සී .දොළවත්ත මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් විවිධ විවේචන සහ චෝදනා එල්ල කළද , රජය ඒ සියල්ල ඉවසාගෙන අවසාන ඉලක්කය වෙත ලගා වීමේ සියළු වැඩකටයුතු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඉටු කළ බවද රාජ්‍යඅමාතයවරයා පැවසීය.එහි සුභ ප්‍රතිඵල අද ලැබෙමින් තිබෙන බවද කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අවසාන එකගතාවය ලැබෙනු පසු ජනාධිපතිවරයා විසින් එ් සම්බන්ධයෙන් නිවේදනය කරනු ඇති බවද කීය.

    වර්ෂ 2015 ජනවාරි 01 දින සිට 2022 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රටවලින්, විදේශීය නියෝජිතායතනවලින් හා බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 29,922 ක් වන අතර එම කාලච්ඡේදයේදී ලබාගෙන ඇති ප්‍රදාන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 349 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    එම ණය හා ආධාර, ඒවා ලබා ගත් නිශ්චිත අරමුණු වෙනුවෙන් භාවිතා කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya