අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ යහපත පිණිස එය කළ යුතුම කාර්යයක් බවද ඒ සඳහා විදුලිය නොකපා අතිරේකව දින 14 යාම සඳහා බිලියන 05ක් අවශ්‍ය බවද බලශක්ති අමාත්‍යවරයා දැනුම්දුන් බව කියාසිටියේය.
ඒ සඳහා දිනකට මිලියන 357ක් බැගින් දින 14කට විදුලිය සැපයීමට සොයා ගැනීමට අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.