ඒ අනුව දැනට වඩා වැඩි දීමනාවක් ඔවුන්ට ලැබෙන බවත්, NVQ සුදුසුකම් සපුරා තිබීම මත, ඊට සමානව ස්ථිර කිරීම් සිදුවන බවත් ඔහු කීය.
ජනාධිපති ගෝථාභය රාජපක්ෂ මහතා විසින් සාමාන්‍ය පෙළ සුදුසුකම් නොමැති තරුණ තරුණියන් මීට වසර 2 කට පෙර මෙසේ බඳවා ගත් බවත්, පසුව මෙම 35000 පිරිසගේ ප්‍රශ්නය විසඳීමට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවක් පිහිටුවූ බවත් කී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඔවුන්ගෙන් දැනට සිටින අති මහත් බහුතරය සුදුසුකම් මත ස්ථිර කිරීමට දැන් ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි සඳහන් කළේය