ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රෝගීන්ට ලබා දෙන බෙහෙත් සඳහා බිලියන 10 ක පමණ මුදලක් ඉල්ලා ඇති බවත්, නමුත් පවත්නා තත්ත්වය හමුවේ ඒ සඳහා මුදල් සපයාගැනීම කළ නොහැකි තත්ත්වයක් උදගතව ඇති නමුත් අසරණ රෝගීන් උදෙසා නොමිලේ වෛද්‍ය සේවා ලබා දීමට කටයුතු කළ හෙයින් පසුගිය කැබිනට් මණ්ඩල හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් මත 2023 වසරේ අමාත්‍යංශ සඳහා වෙන් කරන වියදම් වලින් 5% ක මුදලක් කපා හැරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
නමුත්, කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාට දැනුම් දීමකට අනුව සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දීමට ජනතාවට අවශ්‍ය බෙහෙත් ගැනීමේ ගැටලුව කෙසේ හෝ විසඳීමට අවශ්‍ය නිසා සියලුම අමාත්‍යංශය වලින් තවත් 1% ක් කපා හැරීමට කටයුතු කිරීමට කරන ලද යෝජනාවට අනුව සියලුම අමාත්‍යංශ වලට 2023 වසර සඳහා වෙන් කරන ලද වියදමෙන් 6% ක් වෙන් කරන ලද බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.