පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධව සුභවාදී ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා

    ජනවාරි 17, 2023

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් සාර්ථක හා සුභවාදී ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ණය ලබාදීම සම්බන්ධයෙන් යම් එකඟතාවයක් පැමිණ ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මෙම වසරේ මුල් කාර්තුවේදී අත්සන් තැබීමට ඉඩ ඇති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීම සම්බන්ධයෙන් වන තත්වය පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.

    ඒ අනුව ජපානය, ඉන්දියාව හා චීනය වැනි ණය හිමි රටවල් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුභවාදී ආකල්පයක් දරන බවත්, එ් සම්බන්ධයෙන් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයක් පැමිණිය හැකි බවත්, අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya