පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාව සහ චීනය සමග කෙරෙන සාකච්ඡා සාර්ථකයි

    ජනවාරි 17, 2023

    ඉන්දියාව සහ චීනය සමග කෙරෙන සාකච්ඡා සාර්ථක බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    රජය බලාපොරොත්තු වන ආදායම එකවර නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම එක දිනයේදී කළ නොහැකි වුවත් දින දෙක තුනකදී එය ඉටු කරන බවද කීය.

    විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි ගෙවීම්ද සිදු කරන බව කී ජනාධිපතිවරයා, මෙම වසරේ ඖෂධ සඳහා රුපියල් බිලියන 30ත් 40ත් අතර මුදලක් වෙන් කර ඇතැයිද කීය. බෙහෙත් වලට මුදල් දෙන් නැහැ කියමින් ඇතැමුන් චෝදනා කරන බවත් එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය එක්ව එම කටයුතු සිදු කරන බවද ජනාධිපතිවරයා කීය.

    මේ වන විට ගොවී ජනතාවට පොහොර ලබා දී ඇති බවත් , පොහොර අතිරික්කයක් ඇති වී තිබෙන බවත් වී කිලෝවක මිල රුපියල් 100ක මිලට පවත්වා ගැනීමට කටයුතු කරන බවද කීය. ඒ සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර ඇති බවත් එම වී තොග විකුණන්නේ නැතිව එළඹෙන මාර්තු සහ අප්‍රේල් මාස වලදී අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20ට එම වී තොග නොමිලයේ බෙදා දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    නිදහස ලැබී අවරුදු 75ක් ගත වන විට ජනතාවට බඩ ගින්නේ ඉන්න දෙන්න බැහැ. සමහරු මේ පිළිබඳව දොස් කියනවා. ඒත් මිනිසුන්ට කන්න ආහාර නැත්නම් ආහාර ලබා දෙන්න ඕන.

    ඉදිරි වසර 25 සඳහා රටේ නව ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම සඳහා නව ආයතන ගණනාවක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya