අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2016 වන වර්ෂයට පෙර සිදු කරන ලද පත්වීම විශ්‍රාම වැටුප් සහිත පත්වීම් බව පැවසූ ඔහු ප්‍රකාශ කළේ , ඊට පසු පත්වීම් ලිපිවල
"මෙම පත්වීම් විශ්‍රාම වැටුප් සහිතය.ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබදව රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තවද ඔබ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට හා වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුපට දායක විය යුතුය. රජය මඟින් විටින් විටින් නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් දායක මුදල් ගෙවිය යුතුයි" යනුවෙන් සඳහන් වන බවය.
එම සම්පූර්ණ ඡේදයේ අර්ථ දැක්වීම අනුව කිසියම් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයකට අවස්ථා සලසා ඇති බව නිරීක්ෂණය වන බවද ඔහු කිය.
ඔහු මෙසේද පැවසිය.
"මේ නිසා දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය මා සියලු රාජ්‍ය සේවකයන්ට අදාල කර ගැනීම හෝ නැතහොත් ඊට විකල්පයක් වශයෙන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතිකොට එයට මෙම නිලධාරීන් ඇතුළත් කිරිම හෝ කල යුතුව ඇත. කෙසේ නමුත් පැවති රජය 2016 වර්ෂයේදී, මෙම තීරණය ගෙන ඇත්තේ දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හදුන්වා දිම වෙනුවට බව නිරීක්ෂණය කල හැකිය. නමුත් ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිලිවෙලක් එවකට රජය යෝජනා කර හෝ ක්‍රියාත්මක කර නැත. මෙම ගැටලුව හදුනා ගත් අපගේ රජය ඉදිරියේදී හෝ ක්‍රියාත්මක කල හැකි ආකාරයේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිළිබද අවධානය යොමු කරමින් පවතිනවා."
"2017 අයවැය කතාවේ අයවැය යෝජනාවේ අංක 323 යටතේ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත වෙන් කිරීමට යෝජනා කර ඇත. 2017 වර්ෂයේ අයවැය මඟින් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීම සඳහා යෝජනා සම්මත වුවද ඒ සඳහා 2019 වර්ෂය වන තෙක් අදාල ක්‍රියා මාර්ග ගෙන නැත. 2022 අතුරු අයවැය යෝජනා අංක 20.1 යටතේ දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල් පනත් කෙටුම්පතක් හදුන්වාදීම සඳහා යෝජනා වී ඇත. ඊට අදාළ අරමුදල් සුවිශේෂව වෙන්කර නැත. මෙය මෙම වර්ෂයේ ක්‍රියාත්මක කළයුතු අය වැය යෝජනාවක් බැවින් මෙම වර්ෂය තුළ ඒ හා සම්බන්ධ මුලික කටයුතු රජය විසින් දැනටමත් සිදු කරමින් පවතී."
එරාන් වික්‍රම රත්න මන්ත්‍රීවරයා විමසූ අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කිය.
"2015 රජය ඉන් පසුව බඳවා ගන්නා කිසි කෙනෙකුට ඔබ තුමා අහන මූලික කාරණාවල් ඉටු කිරීමට කටයුතු කරලා නැහැ. ඒ වෙනුවට ඉදිරියේදී විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කරනවා කියලා. ඒකයි මම කිව්වේ 2016, 2017ත් එහෙමයි. ඒ කාල පර්ච්ඡේදය ගත වුණා. පසුගිය අවුරුදු 02 විතරක් නොවෙයි. මේ ප්‍රශ්නය ඔබත් පිළිගන්නවා ඇති මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට පසුගිය රජයේ හිටියා. ඒ කාල පරිච්ඡේදයේම නිරාකරණය කර ගැනීමට අලුත් යෝජනාවල් විවිධ ක්ෂේතවලින්, ඒ වගේම ලෝක බැංකුව හා ජාත්‍යන්තර ක්ෂේත්‍රයෙන් සාකච්ඡා වෙමින් පවතිනවා මිසක් නිශ්චිතයක් නැහැ. නමුත් මීට පෙරාතුව. මම ඒකත් සිහිපත් කරනවා. චොක්සි ඇමතිතුමා මුදල් ඇමතිතුමා කාලයේ ඔබතුමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හිටියා. ඒ ගෙනාපු යෝජනාව විශ්‍රාම වැටුප් ක්‍රමය යම් යම් ක්ෂේත්‍රවල අහෝසි කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ වගන්ති රාශියක් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව එදා කතානායක ධුරය දරපු ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා ඒ යෝජනාව අනුමත කිරීමට බහුතරය ක්‍රියා කලත්, අපි විරුද්ධත්වය අනුව ඡන්දය විමසන අවස්ථාවේ මමත් හිටියා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඡන්දය ඉල්ලුවේ මේ ප්‍රතිපත්තිය සුදුස නැහැ. සියලු දෙනාට එක ලෙස සලකන්න ඕන. ඒ නිසා රාජ්‍ය සේවයේ කොටසකට විතරක් ඒ වරප්‍රසාදය දීමට තිබුණ සංශෝධනය සම්මත කර ගැනීමට හෝ ක්‍රියාත්මක කර ගැනීමට බැරිව ගියා. මේක තමයි දිගටම එන කාරණාව. අලුතින් බදවා ගත්ත අයට යම් කිසි විශ්‍රාමිකයක් ඇති කිරිමට ජනාධිපතිතුමා මේ අයවැය ලේඛනයෙන් පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා. ඒ සඳහා පියවර ගන්න බව මම මේ අවස්ථාවේ ඉතා පැහැදිලිව කියනවා. ඒ අතරතුර තියෙන මහ මුුල්‍ය හා ආර්ථීක අර්බුදය ඔබතුමත් මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබෙනවා. අපිත් ප්‍රකාශ කර තියෙනවා. ඒ මහ මුල්‍ය අර්බුදය තුළ මේ මූලික ප්‍රශ්න විසදා ගනිමින් මේ ඉලක්කයට අපි ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා."
"රාජ්‍ය සේව්‍යයේ සිටින ලක්ෂ 14000කට වැඩි පිරිසකගේ යන කාරණාව ගැනයි අපි යොමු වන්නේ. ඉන් විශාල පිරිසකට අලුතින් බඳවා ගත්ත හැම ආණ්ඩුවක් යටතේම, ඔබතුමාලගේ ආණ්ඩුවේ සිට මේක බලපානවා. විශේෂයෙන් තරුණයන් ඒකට අන්තර්ගත වෙන්නේ. ඒ නිසා ආරක්ෂාවක් ඔවුන් විශ්‍රම යන දවසට තිබිය යුතුයි කියලා අපි පිළිගන්නවා. අපි දෙපාර්ශවයන් පාර්ලිමේන්තුවත් එකතු වෙලා ඒක නිර්මාණය කරන්න සහභාගි වෙන්න. ඔබතුමා අහන බදු ගැන වෙනම බදු ප්‍රශ්නයක් අහන්න.
ඒ වගේම ඇමතිතුමා මේ වෙලාවේදී මම කියන්න කැමතියි. ඔබතුමා ඇහුවා මේ බඳවා ගැනීම ගැන 35000ක් ගෝටාභය රාජපක්ෂ මැතිතුමා විසින් වසර දෙකකට පෙර බදවා ගැනීමට කටයුතු කළා සාමාන්‍ය පෙළ සුදුසුකම් නොමැති අපේ රටේ තරුණ තරුණියන් ගරු කථානායකතුමනි. මේ 35000 ගැටලුව විසදීම සඳහා බහු කාර්යය සංවර්ධන කාර්ය සාධන බලකායක් පිහිටේව්වා. දැන් බහු කාර්යය සංවර්ධන කාර්ය සාධන බලකායෙන් මේ 35000ම විවිධ ස්ථානවල සේවය කරන අය සේවය ස්ථීර කිරීමට වැඩ පිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ඉතා ගෞරවයෙන් හා නිහතමානීව ප්‍රකාශකරන්න ඕන මේ අයට විවිධ දෙපාර්තමේන්තුවල දැනට ලබන දීමනාවට වැඩි දීමනාවක් සහ ඔවුන්ට NVQ පුහුණුව ලබා දීල තියෙනවා. ඒ අනුව සමාන වන සුදුසු කම මත යම්කිසි ස්ථීරභාවයක් ලැබෙනවා. ඒ ප්‍රශ්නයත් විසදා ගැනීමට පුළුවන් වැඩ පිළිවෙලත් අපි ආරම්භ කරලා තියෙනවා. "
"පාර්ලිමේන්තුව සම්මත කරන දේ ව්‍යාජ බව ඔප්පු කරන්න ඔබ අසමත්. ඒ නිසා පුහු තර්ක ගේනන එපා. යම් යම් අංශවල මුල්‍යම අර්බුදයක් පවතිනවා. ඒ වගේම අපේ අදායම බැහැල තියෙනවා. පළමුවන කාර්තුව හමාර වෙන්නේ තව මාස 03න්. මේ කාලයේ ඉතාම අමාරු ආදායම් තත්ත්වයක් පවතින්නේ. ඊයෙත් කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළා එක දවසේ ගෙවීම් කර ගන්න බැරි රාජ්‍ය සේවයේ ප්‍රශ්නයක් මතු වී තියෙනවා. අද අපි විවෘතව රටට කිව්වා. කැබිනට් තීරණයක් ගත්තා. මේ සතිය ඇතුලත අපිට එය කොටස් වශයෙන් ගෙවීමට සිදු වනවා. වගකීමක් ඇති හිටපු රාජ්‍ය මුදල් අමාත්‍යවරයෙක් ලෙස මම හිතනවා මේ වචන ප්‍රචාරය සඳහා පාව්චචි කරන්න එපා. අර්ථානාවිත විය යුතුය.ව්‍යාජයක් නොවේ. අපි ආහාර දෙන ප්‍රමාණය ඊයේ රාත්‍රියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් වැඩි කළා. එයත් ව්‍යාජයක්ද කියලා බලන්න ඔබත් ගිහිං බලන්න ගමකට, එදාට ඇවිත් කියන්න මේක ව්‍යාජයක් කියලා. බොරුවට ව්‍යාජ කියන වචනය පාවිච්චි කරන්න එපා එරාන් වික්‍රමරත්න මැතිතුමනි. මම ඔබතුමාට බොහෝම ගරු කරනවා. නමුත් ඔබතුමාට වැරදුතැන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔනතරම් ගෙනහැර දක්වන්න පුළුවන්. එහෙම අපි හැසිරෙන්නේ නැහැ. මේක රටක් මේ අර්බුදයෙන් ගොඩගන්න ගමන් කරන වේලාවක්. අඩුආදායම් ලබන්නන්ට තියෙන බර අඩු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව කටයුතු කරනවා ගරු කථානායකතුමනි. ඔබතුමා කියන කතාව ආදායම වැඩි අයට වැඩි බදු දාන්න කියන එක හොද යෝජනාවක්. ගේන්නකෝ යෝජනාවල් , ව්‍යාජ හා ගණං හිලව් කියව කියව ඉන්නේ නැතිව ගේන්නකෝ යෝජනාවල්. පොසතුන්ට බදු අය කරන්න කියලා, ව්‍යාපාරකයන්ට බුදු අය කරන්න කියලා. අඩුම ආදායම් ලබන්නන්ගේ ජීවිතවලට ආහාර ලබාගැනීමට හැකි සැපයුම අපි ආරම්භ කරලා තියෙනවා. එය ක්‍රියාත්මක වෙයි ඉදිරි දිනවලදී."යැයි පැවසීය.