පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රජය සූදානම්- රාජ්‍ය අමාත්‍ය ශාන්ත බන්ඩාර

    ජනවාරි 17, 2023

    ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රජය සූදානම් බවත් ජනාධිපතිවරයා ඇතුළු රජය ඒ සඳහා සහාය ලබා දීමට සූදානම් බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බන්ඩාර මහතා අද(17)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

     

    නමුත් ආර්ථික අර්බුදයක් තිබෙන වේලාවක,කඩදාසි ආනයන කිරීමේ ගැටලු තිබෙන වෙලාවක බිලියන10 කට වැඩි මුදලක් වෙන් කරමින් පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවද හෙතෙම පැවසීය. ආනයන අපනයන සීමා සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදන සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ

    පළාත් පාලන මැතිවරණය තියන්න එපා කිව්වොත් කියන්නේ ආණ්ඩුවට ඡන්දයට මුහුණ දෙන්න බැහැ කියලා. පළාත් පාලන මැතිවරණය තියමු. මෙය ජනාධිපති තෝරන ඡන්දයක් නෙමේ. ගමේ වීදි ලාම්පුව දාගන්න තියෙන මැතිවරණයක්. මැතිවරණයට යමු. නමුත් මේ වගේ ආර්ථික අර්බුදයක් තිබෙන විට පළාත් සභා මැතිවරණය ප්‍රමුඛ කාර්යයක්ද? කියලා විපක්ෂයෙන් අහනවා.

    අපේ රටේ දේශපාලක්ඥයෝ මෙම ආර්ථික අර්බුදය නිවැරදිව තේරුම් ගෙන නැහැ. මේ සඳහා සාමූහික කැප කිරීමක් සිදු කළ යුතු බවද හෙතෙම පැවසීය.තාමත් ඇතැමුන් , 1970 කරපු දේශපාලනය කරනවා. ඔවුන් කතා වෙන්නේ ඊ ළග ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් සභා කීයක් ජයග්‍රහණය කර ගන්න පුළුවන් ද කියන එක ගැන. අපි මේ සාම්ප්‍රදායික දේශපාලනයට තිත තියන්න ඔින. ඊයේ විශ්ව විද්‍යාල ළමයි ටික ගෙනත් පාරට දැම්මා.

    ගෙනත් අත් දෙක බැඳන් බලා ඉන්නවා. මේවා ඔක්කොම මාධ්‍ය හරහා ජාත්‍යන්තරයට යනවා. ලංකාවේ ගැටුම් කියලා ආයෙත් සංචාරකයෝ එන එක අඩු වෙනවා. ඇතැමුන් විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රසිද්ධියේ කිව්වා මෙරටට මුදල් එවන්න එපා කියලා.

    උද්ධමනය වැඩි වෙලා , ජිවන වියදම වැඩි වෙලා.අද සමහර පවුල් වේල් තුන කන්න නැතිව ඉන්නවා. එහෙත් ඇතැම් අය උත්සාහ කරන්නේ කුසගින්න තුළින් එන පීඩනය හරහා බලය ලබා ගන්න

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලෝකයේ රටවල් ගණනාවක ආර්ථිකය අද බරපතල ලෙස කඩා වැටී තිබෙන බවයි. පවතින ආර්ථිකය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ අනේක් රටවලටද බලපෑම් කර ඇති බවයි. කෝවිඩ් නිසා අදටත් ඇතැම් රටවල මිනිසුන් මැරෙනවා. ඇතැම් රටවල් තවමත් එයින් මිදීමට නොහැකි වී තිබෙනවා. නමුත් හිටපු ජනාධිපතිවරයා කොවිඩ් වසංගතයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට මූලිකත්වය දෙමින් එ් සඳහා මුදල් වෙන් කළා. නමුත් අපේ රටට බලාපොරොත්තු වූ විදියට ආදායම් ලැබුන් නැහැ.එම නිසා නියමිත වෙලාවට ඉන්ධන ටික ගෙන්වා ගැනීමට නොහැකි වුණා. අද වන විට මෙම ගැටලු ක්‍රමානුකූලව විසඳා ගනිමින් තිබෙනවා.

    ආනයන අපනයන සීමා කිරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම තීරණය රජය පහසුවෙන් ගත් තීරණයක් නොවන බවයි. විදේශ විනිමය රට තුළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආනායන අපනයන සීමා කිරීමට තීරණය කළ බවත් නමුත් අද වන විට අපේ රට තුළ නිෂ්පාදනය නොකරන ක්‍රීඩා උපකරණ වැනි දෑ, දුම්රිය අමතර කොටස් ,රූපලාවන්‍ය වැනි ක්ෂේත්‍ර සඳහා ක්‍රමානුකූලව සහන ලබා දෙමින් තිබෙන බවද කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya