ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරිමේ වැඩ ආරම්භ කිරිමට අදාළව ඉකුත් දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි නිලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
වැඩිදුරටත් අදහස් දැක්වු රෝහණ දිසානායක මහතා කියා සිටියේ, පසුගිය කාලයේ පැවති බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ පසුගිය යහපාලන රජය සමයේ සංවර්ධනය කටයුතු ආරම්භ කළත් වැඩ අවසන් නොකළ අතර ඉදිකිරිම් සිදු නොකිරිම නිසා මාතලේ ප්‍රදේශයේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා ක්‍රිඩා කිරිමට තිබු එකම ක්‍රිඩාංගණය මෙසේ වසර ගණනනාවක් තිස්සේ වැඩ නිම නොකිරිම නිසා දැඩි අපහුසතාවයට පත් වු නිසා මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන්,ක්‍රිඩා සංගම් ඇතුලු පිරිස් මෙම ක්‍රිඩාංගණය වහා පිළිසකර කරන ලෙස නව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගෙන් සිදු කළ ඉල්ලිම අනුව මෙය කඩිනමින් සිදු කිරිම සදහා මෙම වැඩ ආරම්භ කිරිම සිදු විය.
මෙම ප්‍රතිපාදන මගින් බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ මංතිරු සහ අනෙකුත් පහසුකම් ඇති කිරිමටත් ජාතික හා ජත්‍යන්තර මට්ටමේ ක්‍රිඩාවන් සිදු කිරිමට අවශ්‍ය පහසුකම් සපයා දිමට තමා නිරන්තරයෙන් කටයුතු කරන බවත් එළඹෙන ජුලි මාසය වන විට වැඩ නිමකිරිමෙ පියවර ගන්නා බවද හෙතෙම පැවසිය.
සාකච්ඡාවෙන් අනතුරුව නිලධාරින් සහ අමාත්‍යවරයා ක්‍රිඩාංගණයේ නිරික්ෂණ චාරිකාවද නිරත විය.
මෙම සාකච්ඡාව සදහා මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න,අතිරේක දිසාපති නිශාන්ත කරුණාතිලක,අතිරේක දිසාපති චමිලා අතපත්තු,ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ(සංවර්ධන) බුද්ධීක වෙහෙරගොඩ,අධ්‍යක්ෂ(ඉංජිනේරු) නවාස් ආදම්,ඉංජිනේරු ලහිරු විරසිංහ, මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්, නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත,නාගරික ඉංජිනේරු සම්පත් ජයනෙත්තිරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.