පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා කථානායකවරයා හමුවෙයි

    ජනවාරි 18, 2023

    නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා පසුගියදා (13) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.

    පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා සිය පාර්ලිමේන්තු සංචාරයේදී අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ද හමුවිය.
    එසේම රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන යන මහත්වරු සමග ද සුහද සාකච්ඡාවන්ට එක්විය.

    මෙම සාකච්ඡාවලදී මහලේකම් ස්ටීවන් ට්විග් මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා ඉගෙනුම් මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කරන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ඇකඩමිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රමවේදය පිළිබඳව ගැඹුරින් හැදෑරීමේ අවකාශය මෙම ඇකඩමිය තුළින් හිමිවන බවද පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

    එසේම මෙම සාකච්ඡාවලදී පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ වැදගත්කම ද ට්විග් මහතා විසින් අවධාරණය කරන ලදී.

    පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා සමග එම සංගමයේ උපාය මාර්ගික අංශ ප්‍රධානී එමිලි ඩේවිස් මහත්මිය ද මෙම අවස්ථාවන්ට එක්ව සිටි අතර ඔවුහු පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර, සහකාර මහලේකම් ටිකිරි ජයතිලක යන මහත්ම මහත්මීහු සමග ද සුහද සාකච්ඡාවක නිරත වූහ. ඉන් අනතුරුව ඔවුහු පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ සංචාරයක නිරත වූහ. පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සදහා පවතින ඉදිරි අවස්ථා සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡාවල නිරත විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya