පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට

    ජනවාරි 19, 2023

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත  අද (19) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (19) පැවැත්වීමට ඊයේ (18) කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අනුව අද (19)   පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත බව ද මහලේකම්වරයා පැවසීය.  ඊයේ දිනයේදී මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට, මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya