යුරෝපා සංගමයේ EU CRIMARIO ( European Union Critical Maritime Routes in Indian Ocean) වැඩසටහන යටතේ, ප්‍රංශයේ Gendarmerie ඒකකය විසින් සංවිධානය කරන ලද දිය යට අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමේ විශේෂ කිම්දුම් පාඨමාලාව (Forensic Diving Course) මාලදිවයින් ජාතික ආරක්ෂක බලමුළුවට අයත් හල්හුමලේ (Hulhumale) වෙරළාරක්ෂක කඳවුරේදී 2023 ජනවාරි මස 13 වන දින සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී දිය යට අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාවේ භාවිතය වෙනුවෙන් ලබාදුන් Olympus TG - 06 වර්ගයේ නවීනතම කැමරාව හා උපාංග එම පාඨමාලාවට සහභාගී වූ නාවික පුද්ගලයන් විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත භාරදීම (18 දින ) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
යුරෝපා සංගමයේ EU CRIMARIO ( European Union Critical Maritime Routes in Indian Ocean) වැඩසටහන යටතේ, ප්‍රංශයේ Gendarmerie ඒකකයේ දියයට අපරාධ විමර්ශනය සම්බන්ධ වෘත්තීමය නිපුණත්වයකින් යුත් ප්‍රවීණ උපදේශක මණ්ඩලයක් විසින් පවත්වන ලද මෙම පාඨමාලාව 2023 ජනවාරි මස 09 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වූ අතර, ඒ සඳහා නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිදෙනෙකු (03) සහභාගී විය.
මෙම පාඨමාලාවේදී, දියයට පරීක්ෂාව, දියයට අපරාධ ස්ථාන සළකුණු කිරීම, දියයට අපරාධ සහිත ස්ථාන ඡායාරූප ගත කිරීම හා සාක්ෂි එක්රැස් කිරීම, දියයට අපරාධ සම්බන්ධ ඇඟිලි සලකුණු ලබා ගැනීම සහ ඩීඑන්ඒ සාක්ෂි එක්රැස් කිරීම, දියයට මෘතදේහ ආරක්ෂිතව ගොඩ ගැනීම සහ දියේ ගිලුණ ගුවන් යානා පිළිබඳ සාක්ෂි එක්රැස් කිරීම යන පුළුල් ක්‍ෂේත්‍රයක පුහුණු කටයුතු පිළිබඳ න්‍යායික සහ ප්‍රයෝගික දැනුමක් ලබාදීම සිදුකෙරිණි.
ඒ අනුව, මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, දිය යට අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාවේ භාවිතය වෙනුවෙන් Olympus TG - 06 වර්ගයේ නවීනතම කැමරාවක් හා උපාංග ලබාදීම EU CRIMARIO වැඩසටහන යටතේ Gendarmerie ඒකකය මඟින් 2023 ජනාවරි මස 13 වන දින සිදුකෙරුණු අතර, එම කැමරාව හා උපාංග නාවික හමුදාධිපති වෙත ඉදිරිපත් කිරීම මෙලෙස නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
තවද, නාවික හමුදාව දියයට පරීක්‍ෂා කිරීම් සම්බන්ධයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් වෙත නිරන්තරව කිමිදුම් සහය ලබාදෙනු ලබන අතර, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් වෙත දියයට අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමේ දී, දියයට අපරාධ සාක්‍ෂි ඡායාරූප ගැනීමේ කිමිදුම් මෙහෙයුම් කටයුතු සඳහා මෙම නවීනතම කැමරාව සහ උපාංග ඉදිරියේදී ඉතා කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස යොදා ගැනීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.