මෙහිදී මෙරට මහාමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා පවතින ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කරන ලදි. මෙවැනි අර්බුධකාරී අවස්ථාවක ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබඳව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රුසියානු රජය වෙත කෘතඥතාව පළ කළ අතර ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයට අදාළව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන පරිදි රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන ව්‍යුහයක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියේය.
විදේශ කටයුතු අමාත්‍යංශයේ සහයෝගයද ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම සිදුකිරීමට විශේෂ අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේය.
මෙම හමුව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා , රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.