රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ මඟපෙන්වීම මත මෙම දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක,හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා මෙහි සම්පත්දායකයින් ලෙස සිසුන් හමුවේ දේශන පැවැත්වීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශයේ ප්‍රධානී සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂක එල්.පී. තිලකරත්න මහතා,හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන් ම සිසු සිසුවියෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.