ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ අද (19) සහ හෙට (20) දෙදින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම උදෙසායි.
මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ්
ගුණවර්ධන මහතා හමුවීමට ද නියමිතයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සම ලේකම් (අයිඕආර්) පුනීත් අග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර් බයියාප්පු, නියෝජ්‍ය ලේකම් (ශ්‍රී ලංකා) නිධි චෞද්‍රි සහ නියෝජ්‍ය ලේකම් රඝූ පූරි යන මහත්වරු ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිට පැමිණෙති. ඒ මහතා නිල සංචාරයක් උදෙසා ඊයේ (18) මාලදිවයින වෙත පැමිණියේය.