පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලාංකීය සිනමාවේ කාන්තා ලකුණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පිරිස් සමුගනී - පාර්ලිමේන්තුව ශෝකය පළ කරයි

    ජනවාරි 19, 2023

    ශ්‍රී ලාංකීය සිනමාවේ කාන්තා ලකුණ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පිරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    ඇය මිය යන විය 87 වැනි වියේ පසුවිය.

    සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය සම්බන්ධයේ පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරමින් කතා කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙකුගේ බිරිඳ වශයෙන්ම එතුමියත් ස්වාධීන නිර්මාණ රාශියක් කරමින් රටට කීර්තිය ගෙනා බවයි. ඇයට පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන්ගේ සහ රජයේ සෝකය පළ කරන බව අගමැතිවරයා පැවසීය.

    ඇයගේ අභාවය සම්බන්ධයෙන් සෝකය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ,

    සිනමා ක්ෂේත්‍රෙය් සිදු කළ අද්විතීය විප්ලවය කිසිදා නොමැකෙන මතක සටහනක් තබන බවත් ඒ සම්බන්ධයෙන් සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ශෝකය පුද කරන බවයි.

    එතුමියගේ වියෝව සම්බන්ධයෙන් ශෝකය පළ කළ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ, ඇය සිනමාව ජනතාවට වඩාත් කිට්ටු මාධ්‍යවක් බවට පත් කළ බවයි.

    ''අද්විතීය සිනමාවක් මෙරට තිබුණා. සිනමාව මේ මට්ටමට ගෙන් ඒමට මූලිකත්වය ගත් ලෙස්ටර් ජේම්ස් මැතිදුන්ගේ අභාෂාය ලද සුමිත්‍රා පීරිස් මැතිණිය මෙරට සිනමාවේ අනිත් අ නොදුටු පැත්තක් දුටුවා.එක් පැත්තකින් සෞන්දරයත් සංස්කෘතියට අදාළ හර පද්ධති ගැන එතුමිය ගැඹුරින් විස්තර කළා. අනෙකුත් අය පස්සට ගිය තැන් භියක් නොමැතිව එතුමිය ආමන්ත්‍රණය කළා.එතුමිය වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන්ගේ නික්ම යාම අදට වඩා හෙටට දැනෙන බවත් ඒ පිළිබඳ සමස්ත ජනතාවගේ ශෝකය හිමි වන බවද කීය.''

    1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ සිටින විශිෂ්ඨ අධ්‍යක්ෂකවරියයි. 1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මහඟු සේවයක් ඉටු කළාය. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි.

    ගැහැනු ළමයි,ගඟ අද්දර,යහළු යෙහෙළි,මායා,සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා,ලොකු දුව,දුවට මවක මිස,සක්මන් මළුව,යහළුවෝ යන විශිෂ්ඨ සිනමා කෘති ඇය විසින් අධ්‍යක්ෂණය කළාය

     

    ජනාධිපති සම්මාන

    හොඳම සංස්කරණය - අහසින් පොළොවට – 1979
    හොඳම සංස්කරණය - ගඟ අද්දර - 1981
    හොඳම අධ්‍යක්ෂණය - ගඟ අද්දර – 1981
    හොඳම අධ්‍යක්ෂණය - යහළු යෙහෙළි – 1983
    හොඳම අධ්‍යක්ෂණය - ලොකු දුව - 1997
    හොඳම අධ්‍යක්ෂණය - දුවට මවක මිස - 1998
    සරසවිය සම්මාන
    හොඳම සංස්කරණය - ගම්පෙරළිය – 1964
    හොඳම සංස්කරණය - දෙලොවක් අතර – 1967
    හොඳම අධ්‍යක්ෂණය - ගඟ අද්දර – 1981
    හොඳම අධ්‍යක්ෂණය - මායා – 1985
    හොඳම අධ්‍යක්ෂණය - සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – 1989
    සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන
    හොඳම සංස්කරණය - අහසින් පොළොවට – 1979
    හොඳම අධ්‍යක්ෂණය – ගැහැනු ළමයි – 1979
    හොඳම අධ්‍යක්ෂණය - යහළු යෙහෙළි – 1983
    හොඳම අධ්‍යක්ෂණය - සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා - 1989

     

    ආචාර්ය සුමිත්‍රා පිරිස් මහත්මිය මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya