පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ආචාර්ය සුමිත්‍රා පීරිස් මෙරට සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළා- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජනවාරි 19, 2023

    මෙරට සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදරණිය බිරිඳ වන ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(19) සිය ශෝකය ප්‍රකාශ කළේය.

    ඇය අවසන් මොහොත දක්වා ම සිනමාවට ආදරය කරමින් , සිනමාවේ ප්‍රගතිය සහ උන්නතිය වෙනුවෙන් තමාගේ ශ්‍රමය ධනය සහ හැකියාව කැප කළ බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

    51 වන චිත්‍රපට සංස්ථාව පිහිටුවා 51වන සංවත්සරය සැමරීම වෙනුවෙන් පසුගිය සති කිහිපයේදී සුමිත්‍රා පීරිස් මහත්මිය තමා සමග සාකච්ඡා කළ බවත් එළඹෙන 20 වන දින රේඛාව චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට තමා සමග සාකච්ඡා කරමින් සිටි බවද අමාත්‍යවරයා පැවසීය.

    හෙළ සිනමා වංශ කතාවේ නිම් වළලු පුළුල් කිරීම සඳහා පුරෝගාමී සේවයක් ඉටු කළ ලෙස්ටර ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ ලෙස ඇය සිනමාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට කටයුතු කළ බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය. සියලු කලාකරුවන් සහ ජනතාව වෙනුවෙන් එතුමියගේ අභාවයට ශෝකය පළ කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya