ජනවාරි 30, 2025
tami eng youtube  twitter facebook

    තරඟයට දුවන බස් රථවල බලපත්‍රය වසර දෙකකට අත් හිටුවීමට තීරණයක්

    ජනවාරි 19, 2023

    ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ වලට සහ පොදු දේපළ වලට හානි කරමින් තරඟකාරී ධාවනයේ යෙදෙන පුද්ගලික බස්රථ වල මාර්ග ධාවන බලපත්‍රය වසර 02ක් දක්වා අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ප්‍රකාශ කළේය.

    පෞද්ගලික බස්රථ රියදුරන් වැඩි ලාභ උපයාගැනීම සඳහා සිදු කරන තරඟකාරී ධාවනය නිසා මෙම තත්වය ඇතැයිද ප්‍රවාහන අමාත්‍යවරයා කීය.

    කොවිඩ් වසංගතයෙන් පසු ඇති වූ ඉන්ධන සහ ආර්ථික අර්බුදය හමුවේ පොදු ප්‍රවාහනය සඳහා මහජනතාවගෙන් විශාල ඉල්ලීමක් තිබෙන බව ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ වන විට සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි දිනකට ඩිපෝ 107කින් බස් රථ 4700ක් පමණ ධාවනයට යොදවා තිබේ. එළඹෙන 75වන නිදහස් දිනය නිමිත්තෙන් පෙබරවාරි මාසයේ තවත් බස්රථ 1000ක් සේවයට එක් කිරීමට නියමිතය. ''සිසු සැරිය'' සඳහා බස් රථ 1617ක් යොදවා තිබේ.ප්‍රවාහන සේවා උපරිමයෙන් ජනතාවට ලබා දී තිබෙන අවස්ථාවක, පෞද්ගලික බස් රියදුරන්ගෙන් ලංගම බස්රථ රියදුරන්ට සිදුවන පහරදීම් ඉහළ ගොස් ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.


    වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ, පොදු දේපළ පරිහරණය කරන තැනැත්තන්ට එරෙහිව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි. තරඟකාරීව ධාවනයේ යෙදෙන බස්රථ නිසා ලංගම බස්රථ රියදුරටන් සිදුවන අමානුෂික හිරිහැර සම්බන්ධයෙන් සෘජු පැමිණිලි කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරී ඉටුකරන ලෙසත් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya