ජනවාරි 30, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරි ඡන්ද විමසීමට කිසිදු බලපෑමක් නෑ - අධිකරණ ඇමති

    ජනවාරි 19, 2023

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් ඉදිරියේ පැවැත්වීමට නියමිත පලාත් පාලන ඡන්ද විමසීමට කිසිදු බලපෑමක් එල්ල නොවන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ප්‍රකාශ කළේය.

    මෙය ආණ්ඩුව ආරක්ෂා කිරීමට හෝ විපක්ෂය දුර්වල කිරීමට ගෙනෙන පනතක් නොවන බවත් මීට දශක දෙක හමාරකට පෙර සිට මෙවැනි නිතියක අවශ්‍යතාව පැවති බවද අධිකරණ අමාත්‍යවරයා පැවසිය. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ,

    ''මෙම පනතට කතානායකවරයා අත්සන් තබන විට නාම යෝජනා භාර දීමේ කාලසීමාව අවසන් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊයේ පක්ෂ නායක රැස්වීමක් පැවැත් වුණා. එහිදී ආණ්ඩුව විදියට අපි පැහැදිළිව ප්‍රකාශ කළා මෙම පනත අද ඉදිරිපත් කරනවා කියලා. මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සම්බන්ධ වූ කණ්ඩායම් ප්‍රකාශ කළේ, මෙම පනත තව දුරටත් කල් දැමීමට අවශ්‍ය නැහැ කියනඑක. පනතට යම් යම් සංශෝධන ඉදිරිපත් කිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබෙනවා.''
    ''මැතිවරණයකට නාමයෝජනා භාර දුන්නාට පස්සේ නියමිත දින ගණන ඇතුළත මැතිවරණ කොමිසම, එම අපේක්ෂකයෝ සමග සාකච්ඡා කර රුපියලේ අගය අනුව ඒ ඒ බල ප්‍රදේශ වල මැතිවරණ අපේක්ෂකයෙකුට දැරිය හැකි වියදම තීරණය කර ගැසට් පත්‍රයේ පළ කරනවා.එලෙස නියම කරල තිබෙනවා නම් පමණයි ඔහුට වගකීම පැවරෙන්නේ වියදම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න. නමුත් මෙම මැතිවරණයේදී අපේක්ෂකයන්ට දැරිය හැකි වියදම් තිරණය කරන්න හැකියාවක් නැහැ. ඊට හේතුව මැතිවරණ කොමිසමට ඒ සඳහා රෙගුලාසි සෑදීමට මාසයක පමණ කාලයක් ගත වෙන බව කොමිසම කියන නිසා.''

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya