ආදිවාසි නායකයන් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට පැමිණ තමන්ද මුණ ගැසුන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, කියා සිටියේ එම කණ්ඩායම කතානායකවරයා සහ විපක්ෂ නායකවරයාද මුණ ගැසී ඇති බවය.
ඔවුන් භාරදුන් ප්‍රතිපත්ති මාලාව තමන් භාරගත් බවද ඔහි කීය. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම නිදහස් උත්සවයට විශේෂ නියෝජිතයන් පිරිසක් ලෙස සහභාගි වන ලෙස තමන් කළ ආරාධනය ආදිවාසි නායකයන් සියලු දෙනා ඉතාම ඕනෑකමින් පිළීගත් බවද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.
"ගරු නියෝජ්‍ය කථාායකතුමනි, ආදි වාසීන්ගේ අයිතිවාසිකම් තහවුරු කර එම අයිතිවාසිකම් නීත්‍යානුකූලභාවයට ඇතුළත් කිරීම පිළීබඳව විරුද්ධ පක්ෂ නායකතුමා නගන ලද 27/2 ප්‍රශ්නයට පිළීතුරු දෙමින් ගරු විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතුතුමා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා.
විශේෂයෙන් ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළ, රජය මේ පිළිබද ස්ථීර පිළිතුරක් දීම ගැන ඔබතුමා නගපු කාරණා ගැන, මම හිතනවා ඇමතිතුමා පිළිතුරු සම්පුර්ණ කළා. ඒකට ආදිවාසි නායකයන් සමඟ මගේ අග්‍රාමාත්‍ය කාමරයට කැඳවා සාකච්ඡා කොට ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමත්, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමාත් සහභාගි වුණා. ඒ අවස්ථාවේ ඒ සම්බන්ධ විස්තර ලබා ගත්තා. ඔබතුමාට භාර දුන් මේ ලේඛනය හා ප්‍රතිපත්ති මාලාව අපි රජය වෙනුවෙන් භාර ගත්තා. ඒ වගේම කථානායකතුමා වගේම විපක්ෂනායකතුමා සමඟත් සාකච්ඡා කළා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එම නියෝජිත පිරිස පිළිගෙන බොහෝම මිත්‍රත්වයෙන් සාකච්ඡා කළා. ඒ වගේම එම ආදිවාසීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳව අපි ක්‍රියා කිරීම සම්පූර්ණ කිරීම අවශ්‍යයයි කියලා අපි පිළිගන්නවා. එක්සත් ජාතීන් ඉදිරියේ අත්සන් කරන ලද සම්මුතිය වාගේම ILO convention, ඒ වගේම ආදී වාසීන්ගේ ජාත්‍යන්තර සමුළුව පවත්වන ලද ඒ ප්‍රඥප්තීන්ට, අපේ ශ්‍රි ලංකාවේද ආදී වාසීන්ගේ නියෝජිත පිරිස් විවිධ ආණ්ඩු යටතේ සහභාගි කරවීමට හැකියාව තිබෙනවා.