මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම පනත ඊයේ පෙරේදා ගැසට් කළාට, එය ඊයේ පෙරේදා ගෙනා පනතක් නොවේ.පසුගිය සමයේ පනත් 80ක් විතර අපි අලුතින් ගෙනාවා.ඒ කාලයේ තමා මෙය පටන් ගත්තේ.
මිනිස්සු පාර්ලිමේන්තුවට යා යුත්තේ තමන්ගේ මුදල් බලය මත නොවන බවත් දේශීය හෝ විදේශීය වශයෙන් අතකොළු බවට පත් වූ මින්ස්සු නොවන බවත් හෙෙතම ප්‍රකාශ කළේය. මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට එකගව රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා මිනිස්සු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවද විදේශ අමාත්‍යවරයා කීය.
ජාතිය, ආගම, භාෂාව මත ද නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සුදුසු නොවේ. ඇතැම් ව්‍යාපාරිකයන්, විදෙස් සංවිධාන තම අභිමතය පරිදි මෙරට පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝර පත් කර ගැනීමට මුදල් යොදවයි. මෙම පනත බලාත්මක කිරීමෙන් එවැනි දූෂණ හා වංචා වැළක්විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.