තර්ජනයට ලක්වූ, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවද ඔහු පැවසිය, අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම සඳහා මැතිවරණ කොමිසමට බලය ඇති බවද ඔහු පැවසිය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය මූලික ගැටළුද පවතින බව කී අග්‍රාමාත්‍යවරයා, සියලු දෙනාට ආරක්ෂාව දිය යුතු බවද සඳහන් කළේය. මිනුවන්ගොඩ ශ්‍රීලනිප අපේක්ෂිකාවක් ඝාතනය කර නිවසට ගිනි තබා ඇති බවද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත සකසා ඉදිරිපත් කළේ, මැතිවරණ කොමිසම බව කී අග්‍රාමාත්‍යවරයා, එය සම්මත කිරීම පාර්ලිමේන්තුවේ යුතුකම බවද කියා සිටියේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
"ගරු කතානායකතුමනි,
අද දින අපි විවාද කරන, මැතිවරණ වියදම් පිළිබඳ නිමායමනය කිරීමේ පනත සාකච්ඡා කරන අවස්ථාව ඉංග්‍රීසි බසින් The regulation of election expenditure bill එක. මේ පනත ගැන කාලයක සිට මහජන ඉල්ලීමක් තිබුණා. විශේෂයෙන් මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ අයගෙ ඉල්ලීමක් තිබුණා.විවිධ සංවිධාන, ඒ වගේම දේශපාලන පක්ෂ. පාර්ලිමේන්තුව තේරීම්කාරක සභාවක් පත් කළා මැතිවරණ නීති සංශෝදනය කිරීම. මා හිත මිත්‍ර ජී.එල්.පීරිස් මැතිතුමත් ඒ කාරක සභාවේ හිටියා. එහිදීද මැතිවරණ කොමිසම පැමිණ ඉල්ලා සිටියා මැතිවරණ වියදම් පාලනය කිරීමට නීති රීති පැහැදිලිව ඇති කරන්න කියලා.
ඉතිං මේ, මම දීර්ඝව වේලාව ගන්නේ නෑ. මේ ඇති කරලා තියෙන්නේ ඒ ආපු දීර්ඝ ගමන් මාර්ගයක්. ඒ අනුව මැතිවරණයේදී වියදම් කිරීම පිළිබඳ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. අපට අනුගමනය කරන්න තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පළවෙනියෙන් අමාත්‍ය මණ්ඩලයේ ඒ අනුමත කිරීම. ඉන් අනතුරුව ඒ ගැසට් පත්‍රයට නිකුත් කිරීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විවිධ කාල සීමාවල්වලට ඉඩ දෙමින් එය ශ්රේෂ්ඨාදීකරණයට ඕනෑම පුරවැසියෙක්ට ගමන් කරන්න පුළුවන්කමටද ඉඩ තබා ,මෙය ශ්‍රේෂ්ඨාදිකරණයට දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කළා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු කතානායකතුමා සහතික කළා ම පෙත්සම් ඉදිරිපත් වුනා. ශ්රේෂ්ඨාදීකරණය ඒ පෙත්සම විභාගයට ගෙන අපිට නඩු තීන්දු එව්වේ මේ සතියේ මුල.
මම මේ ටික කිව්වේ ඊයේ රෑ හදිසියේ ඉදිරිපත් කරපු පනතක් නෙවේ මෙය. දෙක, මෙය ගැසට් කොට පාර්ලිමේන්තුවට ඉදිරපත් කරන ලද්දේ ගිය මාසේ. දැන් විරුද්ධ පක්ෂයේ නායකතුමා ප්‍රධාන අය, මේ මුළු මහත් අලුතෙන් කරුණු කියන්න හදන අය කිසිවෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එවැනි කාරණාවක් කිව්වේ නැහැ.
මා හිතනවා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු සමහර අය මැතිවරණය පිළිබඳ පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා.
But you all never went to Supreme Court and petition or got anyone of your supporters to petition in the matters that you all are raising today.
මම ඒක ඉතාම නිහතමානීව ගෞරවයෙන් කියනවා. එහෙම නම් ශ්‍රේෂ්ඨාධිකරණය එහි අවධානය යොමු කරනවාට මා හිතනවා සැක නැහැ.
දෙක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම කෙටුම්පත ඉදිරිපත් කරන ලද්දේ, මෙතන මම සොයා බැලුවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඉන්නවා, මේ පර්ර්ලිමෙන්තුවේ.. මෙම කෙටුම්පත සකසන ලද්දේත්, ඉදිරිපත් කරන ලද්දේත් මැතිවරණ කොමිසම විසින්. අපි කිසිවකු විසින් නොවේ. මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි මැතිවරණ කොමිසම මා හමුවුණු හැම අවස්ථාවකදීම මේ පනත ඉක්මණින් ඉදිරිපත් කරන්න කියලා කියා සිටියා.
ඒ අනුව ඒ පනත අමාත්‍ය මණ්ඩලය වෙත ගොස් අමාත්‍යවරුන්ගේ අවධානයට සාකච්ඡාවට යොමු කොට අධිකරණ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යතුමා විසින් අවශ්‍ය පියවර කිසිම ප්‍රමාද කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් අනුගමනය කරන වැදගත් කටයුත්තකට තමයි මෙසේ අනුගමනය කරන්නේ.
මම සිහිපත් කරන්න කැමැතියි, මම මැතිවරණ කොමිසමේ සභපතිතුමාගෙනුත් ඇහුවා, ඇයි ඔබ පැමිණිලි කොට අධිකරණයේ ද තීරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන විශාල මුදලක් අසීමිත මුදලක් වැය කරලා මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අවලංගු කිරීමට දුන් නඩු තීන්දුව ක්‍රියාත්මක නොකර ඉන්නෙ කියලා. කෙලින්ම මේ අපි මුහුණ දෙන ප්රශ්නයේ මේ මැතිවරණ වියදම් අසීමිත විදිහට වියදම් කරපු කෙනෙක්ට විරුද්ධව එක පෙත්සමක් තිබුණා, ඒ පෙත්සමේ නඩු තීන්දුව. නමුත් මැතිවරණ කොමිසම එම අවස්ථාවේදී කියා සිටියේ, එය ක්‍රියාත්මක කිරීමට මීට වඩා නීති රීති සකසා දෙන්න ඕන කියලා, ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ නීති රීති තමයි මේ සකසා ගෙනැවිත් තියෙන්නේ. අපි මේ නීති රීතිවලට එකඟතාවය දක්වා සම්මත කෙරුවොත් එය මැතිවරණවලට ඉතාම වැදගත් වාතාවරණයක් ඇති කරනවාට සැක නැහැ.
නිදහස් හා සාධාරණ මැතිවරණය කියන්නේ ඕනතරම් වියදම් කරන්න මුදල් ලැබෙන්නේ කොහෙද කියලා ප්‍රකාශ නොකර වියදම් කිරීම ඒ ප්‍රකාශ කරන මුදල් වෙනුවෙන් පස්සේ පත් වෙන අය විවිධ පක්ෂපාතී තීරණ ගැනීම, ඒක තමයි ලොකේ පුරා මැතිවරණයේදී මැතිවරණ වියදම් අනිවාර්ය කර තිබෙන්නේ. අපේ රටෙත් විපක්ෂනායකතුමනි, මැතිවරණ වියදම් පිළිබඳ නීතී රීති තිබුණා ගරු කථානායකතුමනි. ඒ නීතී රීත අනුව හොද උදාහරණයක් තමයි, මොලමුරේ පළවෙනි කථානායකතුමා විරුද්ධව පෙත්සමක් තිබුණා. ඔහුගේ ආසනය අහිමි උනා. මා මිත්‍ර ජෝන් සෙනවිරත්ත ඇමතිතුමා ඉන්නවා. එක්දහස් නමසිය තිස් ගණංවල කථානායක කියල බැලුවේ නැහැ වැරදිකරු වුණා. ඔහුට අහිමි වුණා ආසනය.
ඊට පස්සේ මෑත කාලයේ . අපේ තරුණ කාලයේ අපිට මතකයි කේ.පී.රාජරත්න මැතිතුමා. වෙලාවට වියදම් දුන්නේ නැහැ කියලා අහිමි කළා. මේ මැතිවරණය පිළිබඳ නීතියක් තිබුණ නිසා. පසු කාලෙක ආණ්ඩුක්රමය වෙනස් වෙනකොට ඒ නීතී රීතී ඉවත් කළා. ඉතිං ඒ නිසා යළිත් ඒ නීතී රීතී ගේන්න උනා. නමුත් ඒ මන්ත්‍රීවරුන්ට තරඟ කිරීමේ අයිතිය තිබුණා. ඒ අනුව ඒ අය යළිත් තරඟ කරලා මහජනයා මේ සුළු කාරණාවල් නිසා තමන් පත් කරපු නියෝජිතයා අවලංගු වුණාට යළිත් පත් කරලා එවල තියෙනවා. මා උදාහරණයක් දෙකක් දෙන්නේ.
ඒ නිසා මෙය අත්‍යවශ්‍යයයි පාර්ලිමේන්තු හා මුළුමහත් ඡන්ද ක්‍රමයට යළි ඇතිකර දීම. මගෙත් එක්ක එකඟවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා ජනාධිපතිවරණයට තරඟ කරන පක්ෂවල හෝ පාර්ලිමේන්තුවට තරඟකරන පක්ෂවල යම් කිසි කොටසක් ලබන ඡන්දය අනුව ඊළඟ මැතිවරණයේදී එ පක්ෂයට අයිතිවාසිකම් තියෙනවා ඒ මුදලක් සහයෝග වශයෙන් ගන්න. ඒ වගන්ති තියෙනවා.
ඉතිං අපි ඒ කාලේ පුටුවෙන් ආවා. අන්තිමට පුටුව වෙන කට්ටියක් අල්ල ගත්තම, නමුත් පුටුවේ භාණ්ඩාගාරික තමයි ඒක කලේ. ඊට පස්සේ බුලත් කොලේ ආවා. ඒ බුලත් කොලෙන් ආවාට එකේන් අයින්වෙලා වෙන දෙයක් හැදුවම පොහොට්ටුවෙන් ඒත් සල්ලි ගියේ බුලත් කොලේට. මේ නීතී රීතී ඉක්මණින් අවධියෙන් වෙනස් කරමින් එන්නේ නැතිව අපි මේ පුංචි කාරණාවකට විරුද්ධත්වය ප්‍රකාශ කළොත් මේ පාර්ලිමේන්තුවට තියෙන වගකීම ඡන්ද දායකයන් වෙනවෙන් ඉෂ්ට වෙන්නේ නැහැ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ පසුබිම මත මැතිවරණ කොමිසමේ විශේෂ සැකසුම අනුව මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවධානයට යම් යම් වගන්ති කිහිපයක් එවල තියෙනවා. අපිට නඩු තීන්දුව ලෙස. එය අනිවාර්යයෙන් ඇතුලත් කිරීමට ව්‍යවස්ථා කටයුතු ඇමතිවරයා බැඳි සිටිනවා. දෙවැන්න, ඉන් පිට අපිට හිතෙන හිතෙන දේවල් ඇතුලත් කරන්න බැරි බව සාමාන්‍යයෙන් අපිට ශ්‍රේෂ්ඨාධීකරණයෙන් දීල තිබෙන උපදෙසයි ගරු කථානායකතුමනි. ඒ නිසා තමයි ඊයේ දිනයෙත් අපි මේ පිළිබඳ ජනාධීපතිතුමා පක්ෂ නායකයන් කැදෙව්වා. පක්ෂ නායක සාකච්ඡාවක් පැවැත්වූවා. සමහර පක්ෂ පැමිණියේ නැහැ. ඒක ඒ අයගේ කැමැත්ත. සමහර ඒවට පැමිණෙනවා. සමහර ඒවට පැමිණෙන්නේ නැහැ. ඒ අනුව සියලුදෙනා සමඟ සාකච්ඡා කළා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකට සහයෝගය දෙන්න ප්‍රකාශ කළා, මේ දූෂිත තත්ත්වයන් මෙල්ල කරන්න ඕනේ කියලා. ඉතින් එ් වගේම අනෙක් පක්ෂ සියල්ල ඒ ප්‍රකාශය කළා. ඒ අවස්ථාවේ හකීම අමැතිතුමා කිව්වා. වෙන ප්‍රශ්නයක් නැඟුවා. ඔහු එම ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගත්තා, නමුත් ඔහු එකඟ වුන්නෑ. මම මේ නිහතමානීව සිදු වුණූ දේ කියන්නේ
ඉතින් විපක්ෂ නායකතුමා එතැන්ට ආවේ නෑ. විපක්ෂ නායකතුමා වෙනුවෙන්වත් කිසිවකු සහභාගී වුණේ නෑ කියලා මම හිතනවා. පැමිණි පිරිස දිහා බලනකොට තිබෙන තත්ත්වය ඉතින් මම ඉතිහාසය යළිත් කියන්නේ නැහැ. ඡන්දය, පළාත් පාලන ඡන්දය පැවැත්වීම ඉතාම වැදගත්.
ගිය ආණ්ඩුව කණගාටුදායක තත්ත්තවයකට අපිව පත් කළා, පළාත් සභාවල් විසිරුවලා. පළාත් සභාවල්වල ඡන්දය පවත්වන ක්‍රමවලට අත ගැහුවා. ඒකට මමත් ජී.එල්. පීරිස් ඇමතිතුමත් එදා විරුද්ධ වුණා. අපි කිව්වා මේ කරන්න යන වැඩෙන් අවුලක් තමයි ඇති වෙන්නේ. සමහර විට ඡන්දය තියන්න බැරි වෙයි කියලා. මම ජී.එල්. පීරිස් ඇමතිතුමාට කියන්නේ ඔබතුමා. අපි එකට මේවා සකස් කරන හැම අවස්ථාවකම සාකච්ඡා කරපු නිසා. සත්‍යට අපි මුහුණ දෙමු. දේශපාලන වාද වෙන එකක්. සත්‍ය එයයි. අද පළාත් සභා ඡන්දය තියන්න බැරුව හිර වෙලා තියෙනවා. අපේ කමිටුවටත් අපි කැඳෙව්වා. එතැනදිත් නීතිපතිතුමා කරුණු දෙකක් කිව්වා එක පැත්තක්. එක්කො ආපහු යන්න ඕනේ මේක අවලංගු කරලා. එහෙම නැත්තන් එකක් සකස් කරන්න ඕනේ අලුතින් මේක අවලංගු කරොත් දැන් තියෙන දේ අලුතෙන් සකස් කරන්න. ඉතින් මේ වාදය තුළ පසුගිය කාලේ ගත වුණා. ඡන්දේ බැරි වී තිබෙනවා.
එහෙම දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව හා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට තමයි නීතිය සැකැසී තිබෙන්නේ. ඒ නිසා එයට මේ සම්මත කරන දේ කොයි ආකාරයෙන් බලපානවාද කියන දේට පූර්ව නිගමනයකට පැමිණිලා විරුද්ධ පක්ෂ තරඟ කරනවා. එම පූර්ව නිගමනයකතට කිසි ලෙසකින් පැමිණීමේ අවශ්‍යතාවයක් මෙතන අන්තර්ගත වෙලා නෑ. ලංකාවේ පුරවැසියෙක්ට ඕන වෙලාවක උසාවි යන්න පූළුවන්. දැන් ගිහිල්ලා තියෙන්නේ අධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. මට ඒ ගැන කතා කරන්න බැහැ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු 02ක් යනවා. නඩු 03ක් මම හිතන්නේ. මේ ඡන්දය තිබිය යුතුද නැත්ද කියන ප්රශ්නය. ඒ නිසා මේ රටේ පුරවැසියන්ට තියෙන අයිතිය වැරදි විදියට හෝ හරි විදියට පාවිච්චි කරයි කියන පූර්ව නිගමනය මත මෙම පනත සම්මත කරන්න එපැයි කියල තමයි ඔබතුමාලා කියන්නේ.
ඇමතිතුමා සංශෝධන ටික ඉදිරිපත් කරයි ගරු කථානායකතුමනි. ඉදිරිපත් කිරීමෙන් පසුව අපි මේ මැතිවරණ කටයුතුවලට පෙරාතුව මැතිවරණය නියම කරල තියෙනවා. නාම යෝජනා 21 වැනිදට හමාර වෙනවා. නමුත් පනත අද සම්මත කිරීමට මුළු පාර්ලිමේන්තුවේම වගකීමයි. පාර්ලිමේන්තුව මේ පනත අද දිනයට යොමු කළේ. ඊයේ දිනයට තමයි ආණුඩුව ඉල්ලා සිටියේ. පක්ෂ නායක රැස්වීමේදී අද දිනයට නියම කරල තිබුණා. ඒ අනුව න්‍යාය පත්‍රයේ ඇතුළත් කරල තියෙනවා. රටම බලාපොරොත්තු වෙනවා.
I Just would like to quote what some other political organizations have issued in their statements. අඩුපාඩුකම් තියෙනවා ඒවා සංශෝධනය කල යුතුය. ඒ වගේම ඔවුන් කියනවා මේ පනත ඉතාම වැදගත් පනතක් මේ රටේ ඡන්ද ක්‍රමයට වැරදි විදියට මුදල් පරිහරණය කරලා තිබෙන දේ අද දිනයේ Island පත්‍රයේත් ඒ වගේම ඊට සම්බන්ධිත morning පත්‍රයේත් සටහන් කරල තිබෙන නිල ප්රකාශනය. ඒ වගේ අලුත් යෝජනා ඔවුන් ඉදිරිපත් කරල තියෙනවා. ඒවා නැවත සංශෝධනය කරන්න පුළුවන්. දේශපාලන නොවන පක්ෂ කාලයක් ඉල්ලා සිටපු දෙයක් මහජනයගේ අයිතිවාසිකම් තහවුරු කරන්න. ඒ නිසා මේ පනතට සහයෝග දීමයි මම ඔබතුමාලගෙන් නැවත ඉල්ලා සිටින්නේ.
පාර්ලිමේන්තුව පත්කොට පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කරන ලද මැතිවරණ හා ඡන්ද විමසීම්වල ප්‍රතිසංස්කරණ වාර්තාව පාර්ලිමේන්තුවේ තියෙනවා. අපි අත්සන් තබල තියෙනවා. සබ්රි ඇමතිතුමත්, ජී.එල්.පීරීස් ඇමතිතුමත් ඒ කාලේ මමත් අමාත්‍යවරු රාශියකගේ නිර්දේශ අඩංගුයි. නිර්දේශවලට පැමිණිමට තව වෙනසක් කළා. ඇයි ඒ වෙනස ගැන කතා කරන්නෙ නැත්තේ ඇයි කොමිසමට යම් යම් දේ ප්‍රමාද වුණේ. දෙවරක් හෝ තුන්වරක් වර්ෂයකට තමන්ගේ නම ලියාපදිංචි කිරීමට අපි සංශෝධනයක් ගෙනාවා ගෝධාභය රාපක්ස ජනාධිපතිතුමා. ඒ සංශෝධනය සම්මත කිරීම නිසා ඡන්ද ලේඛනය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වෙන්න පටන් ගත්තා. නමුත් මැතිවරණ කොමිසම ඒ ඡන්ද ලේඛනය කොටස් දෙකක් හැටියට එන්නේ. ප්‍රකාශයට පත්කළා දෙසැම්බර් මාසේ. ඒ නිසා එයත් ගෙනාවේ ඡන්ද ලේඛනවල ලියාපදිංචි වෙන්න බැරි විශාල ප්‍රමාණයකට තරුණයන්ට අවස්ථාව සලසා දීම සඳහා. තරුණයන්ගේ නියෝජනය පිළීබද තිබුණු අඩුපාඩුකම් ගැන අපේ ගරු මන්ත්රීතුමාලා යෝජනාවල් ඉදිරිපත් කළා.එය පාර්ලිමේන්තු සම්ප්රදාය හා පිළීවෙත අනුව දැන් ගමන් කරමින් තියෙනවා.
ඉතිං මේ එකකවත් සම්මත කරන්න එපැයි කියන දේ ගැනනම් මට තේරේන්නේ නෑ අපි විරුද්ධ නෑ කියන එක ඡන්ද පාව්ච්චි කරල සම්මත කරමු. මම හිතනවා ඉතාම වැදගත් කලිනුත් කියවුණා ඡන්ද කල් දැමීමෙන් ඇතුවුණු අර්බුද රාශියක් අධිකරණ ඇමතිතුමා කිව්වා. තරුණයන්ගේ ගැටුම් ඇති වුණා. ඒ කාලේ.
නමුත් ඡන්ද පැවැත්වීමට අවශ්‍ය දේ මූලික ගැටලුත් තියෙනවා කියනදේ අපි පිළිගන්න ඕන. අපිට ආරක්ෂාව දිය යුතුයි සියලු දෙනාට. අපේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා අද උදේ නැගුවා ඊයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ එහා පැත්තේ ඉඳගෙන ඉන්න පක්ෂයක් අපේකෂකවරියකගේ නිවාසය ගිනිතබා විනාශ කර තිබෙනවා. මේ ඊයෙම මෙවැනි සිද්ධි වැඩි වෙන්න පුළුවන්. මම රහස් කියන්න උත්සහ කරන්නේ නෑ පාර්ලිමේන්තුවට. නමුත් මෙය කිය යුතුයි. ඊයේ දිනයේදී මැතිවරණ කොමිසමේ සභිකයන් දෙදෙනකුගේ ජීවිතයට තර්ජනය කරල තිබෙනවා. ඒ පිළීබඳ පරීක්ෂණයක රහස් පොලිසිය ඊයේ රාත්‍රියේම ආරම්භ කරල තියෙනවා. මම අහනවා ජී.එල්. පීරීස් මැතිතුමාගෙන් මේවා හරිද? ඔබතුමාලා අනුමත කරනවද? මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරු දෙදෙනකුගේ ජීවිතවලට තර්ජනය කරල. එක්කෙනෙක්ගේ වත්තට ඇතුළු වෙලා. අපි මේවට අත තියන්නේ නැතිව පොලිසිය භාර දීල තියෙනවා. මට අද උදේ එහි සභාපාතිතුමා කතා කළා. මම උදේ කතා කාළේ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපාතිය පළාත් පාලන ඇමති, අගමැතිතුමා කතා කරලා කියලා. නැවත වරක් කතා කරපු නිසා එතුමට මම කතා කළා. එතුමා මට කිව්වා මෙහෙම දෙයක් වෙලා තියෙනවා. බරපතළයි. කොමිසන් සභාවේ සභිකයන්ට මෙවැනි තර්ජනයන්ගේන ආරක්ෂාව දිය යුතුය. මමත් කිව්වා සියලුම දෙනා කොමිසන් සභාවේ ආරක්ෂාව ලබා ගැනීමට ඔබතුමාට බලයක් තියෙනවා. දැනට පැමිණිල්ල තිබෙන දෙදෙනාට පොලිස් ආරක්ෂාව ලබා දීල තියෙනවා. ඒ වගේම පරීක්ෂණ කටයුතු සිදුවෙමින් තියෙනවා.
ඉතිං මෙහෙමෙ හැසිරෙන්න එපා. මේවා අනුමත කරන්නත් එපා. දෙබඩි ප්‍රතිපත්ති අනුගමනය කරන්න එපා. දෙබඩි ප්‍රතිපත්ති අනුගමන කිරීමෙන් අප පාර්ලිමේන්තුවම ශෝක වුණා අපේ මන්ත්රිකෙනෙක් ඝාතනය වුණා. තව මන්ත්‍රීවරුන්ගේ නිවාස දේපළ 77 විනාශ කළා. උන්හිටි තැන් නැති කිරීමේ අරමුණින්. අපේ පළාත් පාලන සභිකයන් 400කට අධික ප්‍රමාණයක් උන්හිටි තැන් නැති කරල තිබෙනවා. මේවට නිහඩතාවයෙන් ඉන්න එපා. ප්රජාත්න්ත්රවාදයෙන් හැසිරුනොත් අපිට මහ මැතිවරණයක් කල් දැම්මා එක කාලෙක. ඡන්දය කරන්න බැරි තත්ත්වයක් උදා වුණා. නමුත් ඒ කාලේ පොලිස් ආරක්ෂාව දෙන්න පුළූවනකම තියෙනවා. දැනුත් පොලිසිය ඉදිරිපත් වෙලා තමන්ට කළ හැකි ප්‍රමාණය මොකද්ද කියල කියනවා.
ඒ වගේම මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳ ගැටලුවක් තිබෙන බව භාණ්ඩාගාරය විසින් ප්‍රකාශ කරල තියෙනවා. රජය ගෙන යන පාර්ශ්වය විදියට රජය වෙනුවෙන් එහෙම දෙයක් නැහැ කියන්න මම උත්සහ දරන්නේ නැහැ. එවැනි අර්බුදයක් තියෙනවා අපේ අදායම් මාර්ග. පළවෙනි කාර්තුව තමයි අපිට අමාරුම කාර්තුව ඒක භාණ්ඩාගාරයේ ලේකම්තුමා කියල තියෙනවා. ඒ ගැන මම ඊට වඩා විස්තර කරන්න ඕන නැහැ. බස් දුන්නා, බේත් දුන්නා, තව දේවල් දීම ගැන ගරු කරනවා. ස්තූතිවන්ත වෙනවා. නමුත් මේ තියෙන අර්බුදය එහෙම සල්ලි දෙන්න බැරි අර්බුදයක්. මේ තියෙන මුල්‍ය අරමුදලෙන් තමයි කටයුතු කරන්න වෙන්නේ.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මා ඉල්ලා සිටිනවා, ඊයේ දිනයේ පැවතී එකඟතාවය මම හිටියා. ඒ කමිටුව රැස් වෙනකොට අද 12 වෙනකොට, ඒකයි ප්‍රසන්න රණතුංග සංවිධායක කිව්වේ අද 12 වෙනකොට සංශෝධන ඉදිරිපත් කරන්න කියලා. All agreed to submit their amendments. මම දන්නේ නැහැ එහෙම amendments භාර දීලා තියෙනවද කියලා. ඉතින් එහෙම amendments භාර නොදී. අපි මන්ත්‍රීවරු හැටියට අපි විපක්ෂයේ ඉන්න කාලේ එවැනි බරපතල හැම දෙයටම අපි සංශෝධන ඉදිරිපත් කළා. ඒක පිලිගන්නවාද නැද්ද ඒක සාකච්ඡාවට භාජනය කිරීම එතකොටයි රජය ආරම්භ වෙන්නේ. ඒ නිසා ප්‍රචාරය සඳහා පමණක් විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සිටිමින් තමන්ගේ පාර්ලිමේන්තු කාර්යය හරියාකාරව ඉෂ්ට කරන්නේ නැතුව හුදෙක් ප්‍රචාරය සඳහා පමණක් කරුණු කීම මං හිතන්නේ සාධාරණ නෑ මේවගේ වැදගත් පනතක් එන විට.
මොකද, අපේ රටේ නීති විරෝධී ලෙස දුමල් උපයන බොහෝ අය මේ මැතිවරණවලට උදව් කරනවා. කෙලින්ම සමබන්ධ වෙනවා. ඉදිරිපත් වෙනවා. සමහර අය ඒ නිසාම විවිධ අර්බුදවලට රාජ්‍ය පාලනය පරිවර්තනය කරනවා. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව පිළිබඳ අධිකරණ ඇමතිතුමා සඳහන් කළා. මම යලිත් සඳහන් කරන්න උත්සහා කරන්නේ නෑ. මැතිවරණ වියදම් පනත ඉදිරිපත් සකසා ඉදිරිපත් කරන ලද්දේ මැතිවරණ කොමිසම විසින්. මම යලිත් කියනවා එය අපි ප්‍රතික්ෂේප කිරීඹ යුතුකමක්ද? පාර්ලිමේන්තුව හැසිරෙන්නේ අන්න ඒ විදිහට. මේ ඡන්ද අයිතියට අප්‍රසිද්ධියට පත් කරලා තිබෙන මුදල් කොයි විදියටද භාවිතා වෙන්නෙ කියලා දැන ගැනීමට ඒ වියදම් කරන අය රැඳී සිටින නීතියක් සම්මත කිරීමට අපි මැලි වන්නේ ඇයි? අපි එය සම්මත කර දෙමු.
ඒ වගේම මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා තිබෙනවා, මෙය අපේක්ෂකයෙක්ට විතරයි බලපාන්නේ ඒ වගන්තිය වෙනස් කරලා පක්ෂවලටත් බලපාන ලෙස මෙය සම්මත කරන්න කියලා සම්මත කරන අවස්ථාවේදී. ඉතින් මේවා ගැන නෙමෙයි අපි කතා කරන්නේ අද අපි මේ උත්සාහා දරන්නේ මේක පුළුවන් නම් සම්මත නොකර ඉඳීමේ උත්සාහයකට හැසිරෙනවා. එයින් මම විශේෂයෙන් කිව්වේ, By court from in the morning newspaper of today election monitoring groups raise consants on election expenses alls. But also gives the importance of this bill. A propose law title regulation of election expenditure bill has been ** second reading in parliament. Transparency international Sri Lanka. People action for free and fair elections. The center for for monitoring and election violence and electronic and democratic reforms. Electoral studies. Several years been campaigning for enactment of a strong long to regulate role of money in election campaigns.
ආදී දීර්ඝ ප්‍රකාශන. ඒ වගේම යෝජනා කරනවා යම් යම් සංශෝදනයන් සිදුවිය යුතුයි කියලා. ඉතිං මම හිතනවා මේවා ගැන එම සංවිධාන සමඟ සාකච්ඡා කරමින් අපි අරන් තියෙන මේ පියවර ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වන්න කියලා අග්‍රාමාත්‍යවරයා හැටියට මම ඉතාම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා. ඒ අනුව You have had please give hearing. You were participating in the decision making last after noon. All of you were there. What did we agree to submit your amendments by 12 o’clock tomorrow. The speaker was chairing. Have you all given your amendments. No. I am asking you if you have given, you would announce here we are given. You better explain to the house what are the amendments you have given.
ඉතිං නිකන් මේ කාලේ කන ප්‍රශ්න විපක්ෂ නායකතුමා මේ කාලෙම හැමදාම උදේට මොනාහරි ගේනවා ප්‍රශ්නයක් ඡන්දයේ පිළිබඳ නඩු වලට ගෙනාවා. නඩු දාන්න හදන්නේ අපි කියලා කිව්වා. අපි දාපු කිසිම අධිකරණ නඩුවක් නෑ. ඒ නිසා මගේ කතාව මම අවසන් කරනවා. ඉන් අනතුරුව අපේ ඇමතිතුමත්, අපිත්, අද ඉදිරපත් කරලා තිබෙන සංශෝදනයන් පිළිබඳ අපේ අදහස් සාකච්ඡා කරලා අපි තීරණයක් ගමු. බොහෝ සාකච්ඡා අපි සාර්ථකව නිමකරමු රට වෙනුවෙන් මේ ඡන්ද නිදහස හා සාධාරණ ඡන්දයක් වෙනුවෙන්. මම විශේෂයෙන් මහාචාර්ය ජී.එල්. පීර්ස් මැතිතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා තමයි මේ සියලු දේ පිටුපස තියෙන මොළය. මා ගෞරවයෙන් කියන්නේ. මම දන්න නිසා ඔබතුමා. ඔබතුමා තමයි මේකේ ඥානය සහ විඥානය දෙකම. ඉතිං ඔබතුමා ඉදිරිපත් කරලා තිබෙන සංශෝදනය ඉදිරපත් කරලා තිබෙනවා නම්, අපි ඒවා ගැන සාකච්ඡාවක් කරමු."