ජනවාරි 30, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට පටු දේශපාලන අරමුණින් විරුද්ධ වන්න එපා

    ජනවාරි 19, 2023

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට පටු දේශපාලන අරමුණින් විරුද්ධ වන්න එපා ''යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මෙවැනි නියාමන පනත් කෙටුම්පතක් නොතිබීම අද දේශපාලඥයන්ට චෝදනා එල්ලවීමට හේතුවන ප්‍රධාන කාරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    තවදුරටත් අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;

    වියදම් කරන මුදල් එන ආකාරයක් දන්නෙ නෑතිව මහතජන නියෝජිතයා කරන සේවය හෑල්ලු වෙලා දොර්ෂාරෝපණයට ලක් වෙනවා. මෙවැනි නියාමන පනතක් ගෙන ඒම ගැන අධිකරණ අමාත්‍යවරයාට ස්තූතිවන්ත වෙනවා. මෙහි ප්‍රායෝගික තත්ත්වය සොයා බැලීමත් වැදගත් වෙනවා. මැතිවරණ කොමිෂම හා දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කර විධිවිධාන නියමනුකූලව ක්‍රියාත්මක කළ යුතුයි.

    මූල්‍ය ශක්තියෙන් මන්ත්‍රීවරු පත් කරනවා.එය මෑතකාලීනව අපේ රටේ සිදු වී තිබෙනවා. තමන්ට මුදල් වියදම් කළ කණ්ඩායම් වල පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරනවා. බහුතර ජනතාවගේ අවශ්‍යතාවය ඉටු වෙනවා වෙනුවට මුදල්වලට තමන්ගේ මතය හැසිරවීමට කටයුතු කරනවා. මෙය පාර්ලිමේන්තුව දක්වා ම මීට සමීපව ජනතාවට වගකියන මහජන මන්ත්‍රීවරු නිර්මාණය වීමට පසුබිම නිර්මාණය වෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya