මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසීම අද (19) පාර්ලිමේන්තුවේ දී සිදු විය.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංශෝධනයක් ඉල්ලා තිබෙන බවත් එයට ආණ්ඩුව විරුද්ධ නම් පනත් කෙටුම්පතට විරුද්ධ වන බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඉන් අනතුරුව කතානායකවරයා විසින් සංශෝධන සඳහා කාරක සභා අවස්ථාව නිවේදනය කළේ ය. මෙම පනත බලාත්මක කිරීමට පෙර නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන මැතිවරණයට ඇතුළත් නොකළ යුතු බවට විපක්ෂය ගෙනා සංශෝධනයට ආණ්ඩුපක්ෂය විරෝධය ප්‍රකාශ කළේ ය. පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සඳහා විපක්ෂය විසින් බෙදීමක් ඉල්ලා සිටියේ ය. ඒ අනුව ඡන්ද විමසීමක් සිදු කළේ ය.
පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 97 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 36 ලැබුණි.