රාජ්‍ය සේවයේ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අදාළ ගැසට් නිවේදනය එළඹෙන සතියේදී නිකුත් කෙරේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ලිඛිත විභාගයකට අනුව මේ සඳහා සුදුසුකම් සපුරන උපාධිධාරි ගුරු සේවයට තෝරා ගනු ලැබේ.
විද්‍යාව ගණිතය සහ තාක්ෂණ විෂයන් සඳහා විශේෂ ගුරු ඌනතාවක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා අනෙකුත් පළාත් වල සේවය කිරීමට කැමති ගුරුවරු වසර 05ක් සඳහා එවැනි පළාත් වලට අනුයුක්ත කරන බවද පැවසීය. රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26000 ක් හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 8000 ක් ද වශයෙන් මෙම පිරිස බඳවා ගන්නා බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
පාසල් වල කාර්යාල වල කටයුතු සඳහාද මෙයින් පිරිසක් බඳවා ගැනීම මගින් පාසල් වල පරිපාලන කටයුතු ද ක්‍රමවත්ව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය