මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මැතිවරණ වියදම් නියාමන පනත ගෙන ඒමට දැඩි උනන්දුවක් දැක් වූයේ මැතිවරණ කොමිෂන් සභාව බවයි. දීර්ග කාලයක් තිස්සේ ජනතාව තුළ පැවති ඉල්ලීමක් ඉටු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ස්තුතිවන්ත වෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක් වූ ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ,
අපේ රටේ තිබෙන මනාප ක්‍රමයත් එක්ක දිස්ත්‍රික්කයක වැඩියෙන්ම වියදම් කළ හැකි පුද්ගලයා තමයි පළවෙනියා වන්නේ. ජනතාවත් ඊට පෙළඹිලා හිටියා. වාහන 20කින් ,30කින් ඇවිත් බහින අපේක්ෂකයාට තමයි ජනතා ආකර්ෂණය වැඩි.මේ රටේ සිවිල් සංවිධාන ගණනාවක් මේ සම්බන්ධයෙන් කතා කළා. මෙම වියදම් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ඇති කළ යුතුමයි.
පනත් කෙටුම්පත සම්මත කරනවා වගේම මෙහි රෙගුලාසි සකස් කිරීමේදීත් විශේෂ අවධානය යොමු කළ යුතුයි. දේශපාලන වශයෙන් ඇතිවන විරසක භාවයන් තුළඅපේක්ෂකයන්ට විවිධ චෝදනා එල්ල කරමින් අධිකරණයට ගෙනයන්න පුළුවන්. එවැනි චෝදනා ඉදිරිපත් කරනවා එම චෝදනා තහවුරු කිරීමට පුළුවන් විදියේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
එය මැතිවරණ වියදම් නියාමන රෙගුලාසි තුළ ඇතුළත් විය යුතු බවත් එසේ නැති නොවුනහොත්, නීතියේ ඇති සිදුරු තුළින් රිංගා යාමට ඇතැම් අය උත්සාහ කරනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.