ජනවාරි 30, 2025
tami eng youtube  twitter facebook

    රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ මාරවිල හොර ඒජන්සියට නඩු 

    ජනවාරි 20, 2023

    නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රෝයල් රෙක්රූට්මන්ට් කන්සල්ටන්ට් පුද්ගලික සමාගම නමින් මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු 17  දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    රුමේනියා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම ආයතනය දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අයකර ඇති අතර, අදාල ආයතනය වැටලීම් කරන අවස්ථාවේදී එම ආයතනය තුළ තිබී විදේශ ගමන් බලපත්‍ර 38ක්, රු.30,000 ක මුදලක් ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 2023.01.18 දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, වැඩිදුර නඩු විභාගය 2023.06.21 දින කැඳවීමට නියමිතය.

    මෙම වැටලීම සඳහා විශේෂ විමර්ශන අංශයේ සරත් විමලවීර, එම්.කේ. සුමනවීර, මධුශාන් විජේවර්ධන, කේ.එල්.එම්. දමයන්ති සහ ජානකි යන නිලධාරීන් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya