පාර්ලිමේන්තුව අද(20) උදෑසන 9 .30ට රැස් වූ අතර අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපාලි දසනායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නෙවිල් ප්‍රනාන්දු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණරත්න වීරකෝන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා කොල්ලුරේ මහතා යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා විවාදයට ගැනේ.
ශෝක යෝජනා විවාදය සභානායක,අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් ආරම්භ කළේ ය.
විවාදය ආරම්භ කරමින් සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම යතුරු පැදි දාවකයෙකු ලෙසත් කටයුතු කරමින් උපාලි මර්වින් සෙනරත් දසනායක මහතා රටට විශාල සේවයක් කළ බවයි. 1981 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තම දේශපාලන කටයුතු ආරම්භ කර උපාලි සෙනරත් මහතා 1988 පැවති මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනයට පිවිසෙයි. ඒ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳවද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ජනතාවට විශාල සේවයක් ඉටු කර තිබේ. මෙරට ප්‍රථම බයිසිකල් ධාවන පථය වන පන්නල සුපර් ක්‍රොස් ධාවන පථයේ නිර්මාතෘවරයා වන්නේද උපාලි සෙනරත් මහතා වේ. බ්‍රැන්ඩික්ස් , සිම් ලයින් වැනි කර්මාන්තශාලා පන්නල ප්‍රදේශයේ ස්ථාපිත කිරීම වෙනුවෙන්ද කටයුතු කර තිබේ. සුපර් ක්‍රොස් බයිසිකල් තරගාවලියේ ආදායම ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් වෙන්කළ බවද සභානායකවරයා පැවසීය.
වයස අවුරුදු 78 දී අභාවයට පත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා1977 පානදුර දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට පැමිණියේය. පානදුර මෝදරොවිල කර්මාන්ත පුරය, පානදුර කේතුමතී කාන්තා රෝහල, පානදුර අගමැති බාලිකා විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය මෝදරවිල මහල් නිවාස සංකීර්ණය ඉදි කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ නෙවිල් ප්‍රනාන්දු මහතායි. නෙවිල් ප්‍රනාන්දු මහතා, හිටපු විපක්ෂ නායකවරයෙකු වන අමිත්තලිංගම් මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව ප්‍රථම වතාවට පාර්ලිමේන්තු විපක්ෂනායක වරයෙකුට ඉදිරිපත් වූ ප්‍රථම විෂ්වාසභජග යෝජනාව බවට පත් විය. එතුමා විසින් ඉදි කළ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සහ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය නිසා පසුගිය වසර කිහිපයේදී ඒ මහතා වඩාත් ප්‍රකට චරිතයක් විය. ඒ මහතා කොවිඩ් වසංගතය හේතුවේන් 2021.පෙබරවාරි 04 දින අභ්‍රාවප්‍රාප්ත විය.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි ගුණරත්න වීරකෝන් මහතා සැබෑ ජනහිතවාදියෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ගාල්ල කරන්දෙනිය ජනතාවට විශාල සේවයක් කළ ඒ මහතා වසර 11ක් පාර්ලිමේන්තුව නියෝජනය කර 2021 දෙසැම්බර් 25 දින අභාවප්‍රාප්ත විය.
රාජ්‍ය කොල්ලුරේ මහතා වසර 05කුත් මාස 10ක් පාර්ලිමේන්තුවේ සහ ඌව පළාතේ සහ වයඹ පළාතේ ආණ්ඩුකාර දූරය ධරමින් කටයුතු කළා. ශ්‍රී ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය, ජාත්‍යන්තර සමග සම්බන්ධ කිරීමට ඔහු කටයුතු කළ බව සභානායකවරයා ප්‍රකාශ කළේය. මියයන තුරු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ කොල්ලුරේ මහතා අවුරුදු 83න් ආයු වලදා කොවිඩ් වසංගතය නිසා පසුගිය 2021දෙසැම්බර්07 මිය ගිය අතර මන්ත්‍රීවරු හතරදෙනාට සහ ඔවුන්ගේ පවුල් වල අයට ශෝඛය ප්‍රකාශ කරන බව සභානායකවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ශෝඛ යෝජනා විවිදයට එක්වෙමින් පැවසුවේ, කොමිනිස්ට් පක්ෂයේ විවිධ තනතුරු දැරු කොල්ලුරේ මහතා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදියෙක් බවයි.
ඒ මහතා කලබල නැතිව නිෂ්ශබ්දව ප්‍රකාශ කරන වචන නිසා පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් ඇති වෙන බවත්, තමන් දැරූ මතය නොවෙනස්ව තබා ගනිමින් දැරූ මතය නොවෙනස්ව තබා ගනිමින් කටයුතු කළ මන්ත්‍රීවරයෙක් බවත් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ සහ සමාජය තුළ විශාල කාර්යභාරයක් ඉටු කළ රාජා කොල්ලුරේ මහතා වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ශෝඛය පුද කරන බව කීය.
ඉතා දුෂ්කර මැතිවරණ කොට්ඨාශයක් වූ ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයට විශාල සේවාවක් ඉටු කල දේශපාලක්ඥයෙක් ලෙස ගුණරත්න වීරසේකර මහතා හැඳින්විය හැකිය.
කුරුණෑගල දිස්ත්‍රික්කයට සහ ව්‍යාපාරික ලෝකයට විශාල සේවයක් ඉටු කල සුවිසේශී දේශපාලන චරිතයක් උපාලි දසනායක මහතා හැඳින්විය හැකිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නෙවිල් ප්‍රනාන්දු මහතා පිළිබඳවද ශෝකය පළ කළ වජිර අබේවර්ධන මහතා පැවසුවේ, එතුමා ආරම්භ කළ පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය මෙරට ජනතාවට ලබා දුන් ඉතා සුවිසේශී ආදර්ශයක් බවයි. රටම කැළඹුනත් නිවැරදි මතය ප්‍රකාශ කිරීමේ ආත්ම විශ්වාසය නෙවිල් ප්‍රනාන්දු මහතා ට තිබුණා. . ශ්‍රී ලංකාව ආසියාවේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් විය යුතු බව ඔහු කල්පනා කළා. ඔහු නිතරම කීවේ ලෝකය සමග තරග කරන්න ඔින කියලා .
මාගේ පෞද්ගලික ශෝකය, එක්සත් ජාතික පක්ෂයේ ශේකය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝකය මෙම අවස්ථාවේ එම පවුල් හතරටම පුදකරන බව ඒ මහතා කීය.