අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික ගොඩබිම් ප්‍රවාහන ප්‍රතිපත්තිය සැකසීම පිළිබඳව පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
ප්‍රවාහන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය අමතමින් අමාත්‍යවරයා මෙසේ ද සියඅදහස් පළ කළේය;
“රටක් ලෙස නිදහසින් පසුව බොහෝ දේ සඳහා අපට නිශ්චිත ප්‍රතිපත්තියක් පැවතී නැහැ. තිබූ ප්‍රතිපත්ති පවා බොහෝ දෙනා තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම තුලින් ඇති වූ අහිතකර ප්‍රතිඵල අද අප භුක්ති විඳිනවා.
සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි මෑත කාලීනව අපට වඩා සංවර්ධිත බවට පත් වූ සෑම රටක්ම අධ්‍යාපනය ලෝකය වෙනස් කරන මෙවලමක් ලෙස හඳුනා ගත්තා. ඉන්දියාව වැනි රටවල් මේ තත්ත්වය හඳුනා ගනිමින් තොරතුරු තාක්ෂණය සම්බන්ධ අධ්‍යාපනය දියුණු කිරීමෙන් වසරකට මිලියන 200කට වැඩි අපනයන ආදායමක් උපයනවා. අපේ රට බිලියන 1.7 උපයනවා. එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මම උසස් පෙළ තාක්ෂණවේදය විෂය මාලාව හඳුන්වා දුන්නේ දැඩි අභියෝග රැසක් ජයගනිමින්. මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල 13ක තාක්ෂණ පීඨ ආරම්භ වී තිබෙනවා. පනස් දහසකට වැඩි පිරිසක් විෂය හදාරනවා.
හිතනවාට වඩා වැඩිපුර යමක් හිතන්නට බැරි නම්, දකිනවාට වඩා වැඩි යමක් දකින්නට බැරිනම්, අපට නව ප්‍රතිපත්ති සකස් කරන්නට බෑ. අප සිටින සීමාවෙන් ඔබ්බට යා යුතුයි. මා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේදී මූල්‍ය කළමනාකරණය සඳහා 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සකස් කලා. එතුළින් රටේ මුදල් ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෝජනා කළා. නමුත් අවාසනාවකට එය ක්‍රියාත්මක කරන්නට පෙර රජය වෙනස් වුණා.ඉන් පසුව පැමිණි නිලධාරීන් රජයට උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයට කටයුතු කරන්නට බැරි බව. ඒ තීරණ වල ප්‍රතිඵල අද අප භුක්ති විදිනවා. මේ තත්වයන් සියල්ල අප අවබෝධ කර ගත යුතුයි. ආර්ථික අර්බුදයකට පවතින්නේ ආර්ථිකමය විසඳුම් පමණයි. එම නිසා රජයන් වෙනස් වී බලය මාරු වූවත් වෙනස් නොවන ප්‍රතිපත්ති සැකසීම රටක් ලෙස අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් පුද්ගලික මත වාද මත නොව පොදු ජනතාවගේ හා අනාගත පරපුරේ යහපත උදෙසා ප්‍රතිපත්ති සකස් විය යුතුයි.”
සෙත්සිරිපාය පරිශ්‍රයේ, ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා, අමාත්‍යංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ