ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    දරුණු රෝගී තත්ත්වයන්ට ගොදුරුව සිටින විශ්‍රාමිකයන් ගැන විශේෂ අවධානය - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    ජනවාරි 20, 2023

    රෝහල්ගත වී සිටින, දරුණු අසනීප තත්ත්වයන්ට ගොදුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ මැදිහත්වීමක් කිරීමට තමන් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුඉනවර්ධන මහතා පැවසිය.

    විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් සහ ලැබිය යුතු සහනයන් පිළිබඳ සොයාබලා, දැනට ඉටු නොවන කරුණු වාර්තා කිරීම සඳහා, රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම කැලණියේ පිහිටි විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම නිකේතනය පරික්ෂා කිරීමටද තමන් එහි ගිය බව පැවසූ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එයින් ලබාගත යුතු ප්‍රයෝජනය හරියාකාරව ලබා නොගන්නා බවද කිය.

    අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මධුර විතානගේ මන්ත්‍රීවරයා ඊයේ ( 19) පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නකට පිළිතුරු දෙමිනි.

    ගෙවීම් කිරීමේදී දරුණු ලෙඩ රෝගවලට ගොදුරුව සිටින විශ්‍රාමිකයන්ට ප්‍රමුඛතාවය ලබාදිය හැකිදැයි මධුර විතානගේ මන්ත්‍රීවරයා අතුරු ප්‍රශ්නය නැගූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කීය.

     

    "ඔව්. ඉතාම වැදගත්. වහාම ඒ පිළිබඳව අපි මැදිහත්වෙන්නන් මන්ත්‍රීතුමා. දැනට තිබුණු මූල්‍ය අර්බුදය නිසා විශ්‍රාමික ගෙවීම සම්පූර්ණ කිරීමට හැකි වෙයි කියලා අප විශ්වාස කරනවා මේ මාසේ. ඒ පිළිබඳ ණය ගැනීමක් හරි කරලා ඔබතුමා ඉල්ලපු හදිසි තත්ත්වය, රෝහල් ගතව ඉන්න අය ගැන විශේෂ මැදිහත්වීමක් කිරීමට මම උපදෙස් දෙන්නම්."

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya