මහ කන්නයේ දී මඩ පොහොර ලබා දීමට තීරණය කර තිබුනත් ඒවා මිල දී ගැනීමට නොහැකි වූයේ රුසියාව හා යුක්රේනය අතර ගැටුම හේතුවෙන් යුක්රේනය එම පොහොර අපනයනය අත්හිටුවා තිබීම බවත් කෙසේ වුවද මේ වනවිට මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සහිත නැව ලබන මස පළමු සති දෙක තුළ මෙරටට ළඟාවීමට නියමිත අතර යල කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ මඩ පොහොර ප්‍රමාණයම නොමිලයේ ගොවීන්ට ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම පොහොර සැපයීම සම්බන්ධව පැවැති සාකච්ඡාවකට පසුගියදා සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර මෙට්‍රික් ටොන් 125,000ක් ආනයනය කළ අතර ඉන් සියයට 75ක්ම අලෙවි වී තිබේ. මේ වනවිට ගොවිජන මධ්‍යස්ථාන සතුව මෙට්‍රික් ටොන් 10,000ක් හා සමාගම් සතු ගබඩාවල යුරියා මෙට්‍රික් ටොන් 20,000ක් වශයෙන් තවත් යුරියා මෙට්‍රික් ටොන් 30,000ක් පමණ ඉතිරිව තිබේ.
එමෙන්ම බන්ඩි පොහොර ( MOP) පොහොර දැනට අලෙවි වී තිබෙන්නේ සියයට 05ක් තරම් ප්‍රමාණයකි. එමනිසා 2023 යල කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය සියලු පොහොර මෙවර සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය